master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඊසි-කෑෂ් ක්‍රමයට කුඩු බෙදූ කළුතර පොලිසියේ රාලහාමි


2018-09-26 08:06:07 -  772 යි

සැකකරු දකුණු කළුතර පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලිස් විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේද රාජකාරි කර ඇති මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල පඹේ ප්‍රදේශයේදීය.

මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා මොහු විසින් උපයෝගි කොට ගත් බව කියන කැබ් රථයද පොලිසිය අත්අංඩගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (25දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි ජයසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com