master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ස්ථාන මාරුවීම් ලබා තිබියදී නව සේවා ස්ථානයන්ට වාර්තා නොකරන වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට වැඩ වරදී


2018-09-26 07:44:45 -  293 යි

ජේ.ටී. ද සිල්වා

ස්ථාන මාරුවීම් ලබාදී තිබියදී නව සේවා ස්ථානයන්හි සේවයට වාර්තා නොකරන වෛද්‍යවරුන්ට හා හෙද හෙදියන්ට වැටුප් ගෙවීම අත්හිටුවීමට සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න තීරණය කරයි.
එම තීරණය ක්‍රියාත්මක කිරීමට වහාම පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී.ජී. එස්. ගුණතිලක මහත්මියට ඇමැතිවරයා උපදෙස් දී ඇත.

ස්ථාන මාරුවීම් ලබාදී ඇති වෛද්‍යවරුන් හා හෙද හෙදියන් මුදා නොහරින රෝහල් අධ්‍යක්ෂවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇමැති රාජිත සේනාරත්න සෞඛ්‍ය ලේකම්වරියට නියෝග කර ඇත.
එම රෝහල් සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන නතර කිරීමටත්, රෝහල් අධ්‍යක්ෂවරයාට උසස්වීම් ලබාදීම සඳහා පරිපාලන දක්ෂතාවලට ලකුණු ලබාදීමේදී මේ පිළිබඳව අවධානය යොමු කිරීමටත් සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න තීරණය කර ඇත.

පළාත් සභා රෝහල්වල වෛද්‍ය සහ හෙද හිඟය සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබියදී නව සේවා ස්ථානයන්හි සේවයට වාර්තා නොකරන නිලධාරීන් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පළාත් සභා සෞඛ්‍ය බලධාරීන් ඇමැතිවරයාගේ අවධානය යොමු කරවීම නිසා සෞඛ්‍ය ඇමැතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරියට මෙසේ උපදෙස් දී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කර සංවර්ධනය කිරීමටත් ඒ සඳහා රුපියල් මිලියන 485ක් වැය කිරීමටත් තීරණය කළ සෞඛ්‍ය ඇමැතිවරයා විදේශ ආයෝජනයක් මත, රෝහල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී ඉකුත් දා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී මේ බව ප්‍රකාශ කෙළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com