www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි යුද්ධයේ ලොකුම කෙරුමා කරුණාගේ දරු පවුල


2018-09-25 11:08:05 -  888 යි

රාත‍්‍රී අටට පමණ ඇත. ඇමැතුමක් ලැබුණේ යුද්ධය පැවැති අවධියේ සියලූ දෙනාටම නම් මතකයේ රැදුණු අයකුගෙනි. ඔහු කරුණා අම්මාන්ය. පසු කලෙක ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ නිසා ඔහු දැන් ඇතැමෙක් හදුන්වන්නේ හිටපු ඇමැති විනයාගමුර්ති මුරලිදරන් නමිනි. නමුත් සියලූ දෙනා අදටත් කරුණා අම්මාන් හදුනති. ඊට හේතු වූයේ තිස් වසරක් රටට වධ දුන් යුද්ධයේ එක් අවධියක දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ) සන්නද්ධ ප‍්‍රධානියා වීමටත් තවත් අවදියක යුද්ධය රටින් තුරන් කිරීමට සිය සහාය නොපිරිහෙළා ඉටු කරමින් රාජපක්ෂ ආණ්ඩුවට අවශ්‍ය ශක්තිය දීමත් නිසාය. රමේෂ් අපට 14 වැනිදාට කලින් හමුවෙන්න පුළුවන්ද? කරුණා ඇසුවේය. මම ඊට කැමැත්ත පළ කළෙමි. තැන පසුව කියන්නම්. අපි ඉන්න තැනට එන්න කරුණා කීවේය. ආරක්ෂක හේතු මත මම වැඩි තොරතුරු නොවිමසුවෙමි

කරුණාම එල්.ටී.ටී.ඊ.යෙන් කැඞී ආ කාලයේ ඔහු සමාජයෙන් වෙන්ව කාලය ගත කළේ ආරක්ෂක නිවෙස්වලය. බොහෝ දෙනෙක් කරුණා කොතැනක සිටීදැයි පවා නොදැන සිටියහ. ඊට හේතු වූයේ ප‍්‍රභාකරන් සහ පොට්ටුඅම්මාන් දකුණේ නායකයන්ගේ ලැයිස්තුවටම උකුසු ඇස් යෙදු අනෙක් ඉලක්කය කරුණා නිසාය.

ඉතා මෑත දෙමසකට පෙර මඩකළපුව කිරාන් ගමට එ්.කේ. 47 අවියක් ගෙන එන කුලී තුවක්කුකරුගේ ඉලක්කය වූයේද කරුණාය. මේ දක්වා කරුණාගේ ජීවිත අවදානම පහව නැත්තේ ඇයිදැයි සියල්ලෝම දනිති.

දැනටත් කරුණාගේ දේශපාලනය සහ ක‍්‍රියාකාරකම් ගැන අවධානය ඔවුන් අත්හැර නැත්තේ එ් නිසාය. නමුත් යුද්ධයට පාර කැපූ දෑතින්ම සාමයට පාර කැපූ කරුණා වෙනම තැනකින් කියවිය යුතුය. ඊට හේතුව බෝම්බ මර බිය නැති, වෙඩි හඩ මැකී ගිය රටක් වසර නවයක් තිස්සේ ඉදිරියට එ්මය. පසුගිය 14 වැනිදාට පෙර දින පොරොන්දු වු පරිද්දෙන් දකුණේ වෙරළ තීරයට යා වුණු විදෙස් සංචාරක හෝටලයකට යාමට මා ගමන් ඇරඹුවේ කරුණාගේ අතීත මතකයන්ද යළිත් ආවර්ජනය කරමිනි.

ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වූයේ මඩකළපුවේ එකල පැවැති වාතාවරණය නිවෙස දක්වාම පැමිණි පසුවය. ජාතිවාදි කෝලාහල ඇවිළෙමින් තිබියදී කරුණාගේ කිරාන් නිවසද ගිනිබත් කර තිබිණි. කරුණා වඩා ආදරය කර දිනාගත් පාපන්දු කුසලාන ඇතුළු පොත්පත් පිලිස්සී අළු වී තිබිණ. හමුදාව සම්බන්ධයෙන් වෙනත් ඇහැකින් බලන්නට කරුණා පටන්ගෙන තිබුණේ එතැන් පටන්ය. පාසල් ඇදුමෙන් යාපනයටත් වැල්වැටිතුරෙයි සිට බෝට්ටුවකින් ඉන්දියාවටත් එක් දිනක් තුළ ගිය කතාව කරුණා මට කලින්ම පැවැසු කතාවකි.

සුදු ඇදුමෙන් මදුරාසි දුම්රිය ස්ථානයේ රැය පහන් කරන කරුණා පසුදින සිට ඉන්දියාවේ කොටි පුහුණු කදවුරක පුහුණුව ලැබීම ආරම්භ කළේය. මේ කතා නැවත මගේ සිතට ආවර්ජනය වූයේ කරුණා එකල මා සමග කළ අපූරු කතා නිසාය. රමේෂ් දන්නවද වැල්වැටිතුරෙයි කාන්තාවො හරි සැරයි. (ප‍්‍රභාකරන්ගේ ගම මම බෝට්ටුවට නැගලා එබිලා බැලූවා කියලා ඔළුව බෝට්ටුවට ඔබාගෙනම යන්න කියලා මට කෑ ගැහුවා. මම ඉන්දියාවට යනකම්ම වගේ ඔළුව ඉස්සුවේ නෑ. කරුණා එකල මා සමග කී කතා තවත් රැව් දෙයි.

පුහුණුව අවසන් වන විට ප‍්‍රභාකරන්ගේ ආරක්ෂකයා වෙමින් ඉන්දියාවේදීත් ප‍්‍රභාකරන්ව ආරක්ෂා කිරීමට තරම් දක්ෂයකු වූ කරුණා පසු කලෙක ප‍්‍රභාකරන්ට නැතිවම බැරි සන්නද්ධ නායකයා වූයේය. යුද බිමේ කරුණාට තිබෙන අත්දැකීම් ගැන යුද හමුදාව පවා සුළුවෙන් තැකුවේ නැත. එ් නිසා කරුණා, කරුණා දියේ නාවන්නට නොහැකිවූයේ නම් අදටත් අප කතා කරන මේ කතාව වෙනස් වන්නට ඉඩ තිබිණි.

එතැන් පටන් වූ කරුණාගේ අතීත මතකයන්හි තවත් බොහෝ කතා ඇතත් රියැදුරා සමග වෙනත් කතාවන්ට මුල පිරීම නිසා මනෝභාවය මොහොතකට බිදිණි. එ් කතාව පසුදිනක යළි සිහි කළ හැකිය. වාහනය නැවැත්වූයේ කරුණා මට එන්නැයි කී හෝටලයේ ආරුක්කු පඩිපෙළ අසලය. මොහොතක් වාහනයට වී සිටින්නැයි රියැදුරාට කී මම කරුණා හමුවන්නට ගියෙමි. මා පැමිණේදැයි එතෙක් ඔහුට විශ්වාසයක් නොතිබිණි.

ආ.. එන්න රමේෂ් යැයි කරුණා ඈත තබා මට අතින් සංඥ කළේය. කරුණා සිටියේ මැදිවියේ කාන්තාවක සහ තවත් සුරූපි තරුණියන් දෙදෙනකු සහ ඔවුන්ට මැදිවූ විසි අවුරුද්දක්වත් වයසක් නොපිරූ තරුණයකු සමගය.

කාලෙකින් හමුවෙන්න කිව්ව නිසා හමුවෙන්න ආවා. මම කරුණාට කීවෙමි.

මම ඔයාට අද එන්න කිව්වේ විශේෂ හේතුවක් නිසා. මේ ඉන්නෙ මගේ බිරිද. මේ ඉන්නෙ මගේ ලොකු දුව. මේ දෙවැනි දුව. මේ මගේ පුතා. කරුණා කී විට මම පුදුමයට පත්වුයෙමි.

කොටි කාන්තා බළකායේ නායිකාවක වූ විද්‍යාවතී මුරලිදරන් නොහොත් නිරා ගැන මෙයට පෙර මා කියවා දැන සිටියේය. එතෙක් මා දැක තිබුණේ ඇයගේ ඡුායාරූපයක් පමණි. නමුත් කරුණාගේ දරුමල්ලන් ගැන මා අසා ඇති මුත් ඔවුන් ගැන කිසිදු තොරතුරක් හෝ ඡුායාරූපයක් හෝ දැක තිබුණේ නැත.

ඔවුන්ට මා හදුන්වා දුන්නේ කරුණාය.

මේ හැමෝම දැන් එංගලන්තෙ පුරවැසියො. එයාල ලංකාවට ආවේ අවුරුදු දහසයකට විතර පස්සෙ. කරුණා විස්තර කළේය. මම එතැන් සිට කරුණාගේ දරුවන් සමග කතා කිරීමට උත්සුක වූයෙමි.

කරුණා ඔවුන්ව හදුන්වා දුන්නේය. මෙයාව ඉතිං දන්නවනේ කියමින් බිරිද පෙන්වු කරුණා, මේ ලොකු දුව. ඇය ඉගෙන ගත්තෙ විද්‍යා විෂයන්, පසුව වෛද්‍ය උපාධිය හදාරා අවසන් කරලා දැන් පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා. කරුණා කීවේය.

එවර කරුණාගේ ලොකු දුව ඇයගේඑංගලන්ත වෛද්‍ය විද්‍යාල ජීවිතය ගැන වස්තර කරන්නට වූවාය.

මගේ පර්යේෂණ ව්‍යාපෘතිය වුණේ කොදු ඇට පෙළ සුෂුම්නාව සම්බන්ධ අවහිරතාවක් ඇතිවුවකුට කෘත‍්‍රිම සැකිල්ලක් හදන විධියක්. එ් වෙනුවෙන් මම මුලින්ම පර්යේෂණයට උපකාර කර ගත්තෙ වදුරෙක්ට එ් නිර්මාණය යොදා පරීක්ෂණයක් කරලයි. ඊට විශාල ප‍්‍රතිචාර තිබුණා. එහේ රැකියාවක් කරන අතරවාරයේයි මම පශ්චාත් උපාධිය දැන් හදාරන්නෙ. ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න මට බැහැ. මට මිනිස් සිරුර කපන කොටන වැඩ නම් කරන්නම බැහැ. එ් නිසා මම තෝරගෙන තියෙන්නෙ වෛද්‍ය උපකරණ නව නිපැයුම් පැත්තෙන් ඉදිරියට යන්නඇය කීවාය.

හෝටලයේ ආලින්දයක වාඩි වු පසු ඇගේ නැගනියද ඇය ගැන තොරතුරු කියන්නට වූවාය.

මම නම් අක්කා වගේ නෙමෙයි. වෛද්‍ය වෘත්තියට තමයි මම ආස කරන්නෙ. එ් නිසා වෛද්‍යවරියක්වීමට අවශ්‍ය වෛද්‍ය උපාධිය හදාරමින් මම ඉන්නෙ. මෙහේ වගේ එහේ වෛද්‍ය උපාධියට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම පහසු නැහැ. විභාගෙ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිං ඇතුළත් වෙන්න කලින් සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. එ්ක දීර්ඝ සම්මුඛ පරීක්ෂණයක්. ඇය කියන්නට වුවාය.

කරුණාගේ පුතා විමසිලිමත් වූයේ පුවත්පත් කලාව සහ ලංකාවේ මාධ්‍ය ගැන මගෙන් විමසන්නටය. ඔහු ඉතා කුඩා අවදියේ රටින් පිටව යෑම නිසා ලංකාව ගැන හෝ වෙනත් බාහිර පරිසරය ගැන ඔහුට ඇත්තේ කුතුහලයකි.

මම ලන්ඩනයේ ජාතික පාපන්දු විනිසුරුවරයෙක් ලෙස සේවය කරනවා. අවුරුදු 50-60 අය එක්ක විභාග ලියලා සමත්වෙලා තමයි මම ජාතික විනිසුරුවරයෙක් වුණේ. අවුරුදු 17දි එංගලන්තෙ පාපන්දු විනිසුරුවරයෙක් ලෙස පත්වෙන්න ලැබීම සතුටුයි. තවමත් එ් විනිසුරුවරුන් අතරේ ළාබාලයා මමයි. අසනීප නොවන්න ලෝක පාපන්දු කුසලානයේ පවා මට අවස්ථාවක් ලැබෙන්න ඉඩ තිබුණා ඔහු කීවේය.

එංගලන්තෙ ජීවත්වෙලා ඇවිල්ලා ලංකාව දැක්කම මොකද හිතුණේ? මම පෙරළා ප‍්‍රශ්න කළේ කරුණාගේ සහ නිරාගේ දරුවන් තිදෙනාගෙන්ය.

ඇත්තටම ලංකාවට ඇවිල්ලා අපි දවස් කිහිපයයි. මේක පාරාදිසයක් වගේ. අපේ ජීවිත දැන් එංගලන්තයට හුරුවෙලා. නමුත් ලංකාවට අපි ආදරෙයි. යුද්දෙ නිසා අපි තැනින් තැනට ගියපු කාලයක් තිබුණා. යුද්දෙ නැති රටක්, අපි හැමෝටම එකට ජීවත්වෙන්න පුළුවන් විදියට සාමකාමීව තියෙන එක ගැන සතුටුයි ලොකු දුව කියන්නීය.

ඔවුන් මුහුදු වෙරළේ අත් පටලාගෙන රැුළි මත නැගෙන පෙණපිඩුවල පහස ලබමින් සිනාසෙන්නට වූහ. වසර දහසයකට පසු ලංකාවට පැමිණි ඔවුන් සිය පියා සජීවීව දැක තිබුණේ තවත් වසර ගණනාවකට පසුවය. ලොකු දුවට තරමක හෝ මතකයක් තිබුණද යුද්ධය හා බැදි කිසිදු දෙයක් ගැන හෝ ලංකාවේ පැවැති යුද්ධයේ අමිහිරි මතකයන් ගැන කරුණාගේ හා නිරාගේ දරුවන්ට මතකයක් නැත.

ඇත්තටම ඔවුන්ව උස් මහත් කරමින් අධ්‍යාපනය ලබා දීමට කරුණාත් නිරාත් කළ කැප කිරීම කොතරම්දැයි උපකල්පනය කළ නොහැකි තරම් යැයි හැගන්නේ එ් නිසාය. කරුණා සිය පවුල හැරපියා ලංකාවට වී සිටින්නේත් ඔවුන් වෙනුවෙන් කරන කැපකිරීමක කොටසක් ලෙසදැයි මට මොහොතකට සිතිනි.

දරුවන් වට වී සිටි මේසයේ මට පැවැරුණු වගකීම වූයේ දරුවන්ට ලංකාව ගැනත් ඔවුන්ගේ තාත්තා ගැන ලංකාවේ තිබෙන මතයන් ගැන විග‍්‍රහ කිරීමත්ය. එ් කතාබහ දිගුවන්නට පෙර ආපසු කොළඹ එ්මට ඇවැසි බව මම කරුණාට කීවෙමි. නමුත් එසේ නොයා ඔවුන් සමග දවස ගත කරන්නැයි කරුණා මට ආරාධනා කළේය. රියැදුරු කොළඹ හරවා එවා මම ඔවුන් සමග දවස ගත කළෙමි. කතාව තවත් දිගු වුණි.

ඉතිරි කොටස ලබන සතියට
රමේෂ් වරල්ලෙගම

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com