master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහරගම 'ස්‌පා'වලට පොලිසියෙන් සහ ආයුර්වේදයෙන් පනී! මහරගම සම්බාහන මධ්‍යස්‌ථාන 350 ක්‌!


2018-09-21 10:42:16 -  796 යි

මහරගම - උදේනි චන්ද්‍රසිරි

'ස්‌පා' යන නම් සඳහන්වන ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථාන තුන්සිය පනහක්‌ (350) පමණ වන සංඛ්‍යාවක්‌ මහරගම නගරයේ පිහිටා තිබෙන අතර, ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන බලපත්‍ර පරිදි එම ආයතනවල ආයුර්වේද සම්බාහන සිදුනොවන බවට ප්‍රදේශවාසීන්ගෙන් සහ විවිධ සංවිධානවලින් පැමිණිලි ලැබී තිබෙන බැවින්, මහරගම පොලිසිය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මෙම දිනවල එම ස්‌ථාන සම්බන්ධයව සෝදිසි මෙහෙයුම් සිදුකරන බව වාර්තාවෙයි. මේ බව වාර්තා වූයේ මෙම 'ස්‌පා' ස්‌ථාන සම්බන්ධව පසුගියදා මහරගම නගර සභාවේ පැවැති සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව සඳහා මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති, පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම මහරගම නගර සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු සහ මන්ත්‍රිනියෝ කිහිපදෙනෙක්‌ සහභාගී වූහ.

ආයුර්වේද නියමය අනුව එම ස්‌ථානවල, ආයුර්වේද වෛද්‍යවරයකු සහ ඒ සඳහා අවශ්‍ය බෙහෙත් ආදී කළමනා තිබිය යුතුය. මේ දක්‌වා ප්‍රදේශයේ 'ස්‌පා' ආයතන 17 ක්‌ පමණ වටලා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් දී තිබෙන අවශ්‍යතා ඒවායේ සම්පූර්ණ කර නොමැති බව එම වැටලීම් කිරීමේදී වාර්තා වූ බවත් ඒ අනුව එම වෛද්‍යවරුන් හා එම ස්‌ථාන සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරියා මෙම අවස්‌ථාවේ සඳහන් කළේය.

සෝදිසි කිරීමේ නියෝගය මත මහරගම පොලිසිය මගින් සිදුකළ වැටලීම්වලදී නිත්‍යානුකුලව පවත්වා නොගන්නා ස්‌ථාන පහක සිටි කාන්තාවන් සහ එම ආයතන පවත්වාගෙන ගිය කළමනාකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කර දඩගැසීම් සිදුකළ බව මහරගම පොලිසියේ ස්‌ථානාධිපති ටී. එස්‌. මීඩින් මහතා පැවැසීය.

මෙවැනි ස්‌ථාන සම්බන්ධව විධිමත් ක්‍රියාමාර්ගයක්‌ සඳහා වූ නීති පද්ධතියක්‌ සකස්‌ කිරීමටද මෙහිදී තීරණය විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com