www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එල්.ටී.ටී.ඊ.ය පිළිබඳව ඇමරිකාව ඉතා බරපතල තීන්දුවක් ගනී


2018-09-20 15:56:43 -  1099 යි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් බව ඇමෙරිකාව සඳහන් කරයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ මේ බව දැක්වෙයි.

2017 වසරේ ලෝකයේ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය නවතම වාර්තාව එළිදක්වමින් ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශසීමා ආරක්ෂාව තවමත් ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

2017 වසරේදී ශ්‍රී ලංකාවේ කිසිම ආකාරය ත්‍රස්ත ප්‍රහාරයක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර ත්‍රස්ත විරෝධය සම්බන්ධයෙන් වන පුහුණුවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔවුන් සඳහන් කරයි.

ලෝකයේ ත්‍රස්තවාදී සංවිධාන සඳහා අනුග්‍රහය දක්වන රටවල් අතර ඉරානය අංක එක ස්ථනයේ පසුවන බව එම වාර්තාවේ දැක්වෙයි. 2016 වසර හා සැසදීමේදී 2017 වසරේදී ලෝකය තුළ ත්‍රස්ත ප්‍රහාරයන්ගේ 23% අඩුවීමක් පෙනෙන්නට ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com