www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රණවිරුවන්ට මේ වගේ සලකනකොට ජනතාවට කේන්ති යනවා


2018-09-20 08:08:32 -  665 යි

ජනාධිපතිතුමාව ඝාතනය කිරීමට සැලැසුමක් තිබෙන බවට වූ හෙළිදරව්ව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකින්නේ ඉතා භයානක තත්ත්වයක් ලෙස බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසුවේය.

එමෙන්ම ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව එක් එක් අයගේ වුවමනාවන්වලට හමුදා නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් එයට කිසිසේත් ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන බවද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පෙරේදා (18දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය කැඳවලා විශේෂ හමුවක් පැවැත්වූවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව විධිමත් අන්දමින් කටයුතු කිරීම සාධාරණයි. එහෙත් නඩුවක් පැවැරීමට තරම්වත් සාක්කි ගොනු කරගන්න බැරුව හමුදා නිලධාරීන්ව මාස ගණන් බන්ධනාගාරගත කරලා තියෙනවා නම් ඒක බලවත් වරදක් කියලා එතුමා කිව්වා. ඒ වගේම ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා අපිට දැන් ලැබිලා තියෙන නිදහස ගත්තහම මවුබිම වෙනුවෙන් කටයුතු කරපු නිලධාරීන් පිළිබඳව ජනතාවගේ හදවතේ තවමත් ගෞරවනීය විදියට තියෙනවා කියලා.

ඒ වගේම සංහිඳියාව ගොඩනඟන්න පුළුල් අන්දමින් අපේ ආණ්ඩුව බැඳී ඉන්නවා කියලාත් එතුමා අවධාරණය කළා. කවුරුහරි කෙනෙක් පෞද්ගලික වුවමනාවන්ට අනුව කටයුතු කරලා තියෙනවා නම් ඔවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීම සාධාරණයි කියලාත් එතුමා ප්‍රකාශ කළා.

ඒ වගේම පැහැරගොස් මරා දමා තිබෙන එකොළොස් දෙනා පිළිබඳව එතුමා කිව්වා, ඒ අතුරුදන් වීම් සහ මරණ පිළිබඳව සොයා බැලීම අපි සතු කාර්යයක් කියලා. නමුත් ඒක විධිමත් අන්දමින් සිදුවිය යුතුයි කියලා එතුමා අවධාරණය කළා.

ඒ සිදුවීමට අත්අඩංගුවට ගත්ත පිරිසගෙන් එක්කෙනයි තවම රිමාන්ඩ් භාරයේ ඉන්නේ. අනෙක් සියලු දෙනා නිදහස් කළා. ඒ වගේම යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාව මාස පහක් රිමාන්ඩ් භාරයේ තියාගත්තා. ඇප දීලා එළියට ආවා. ඒ වගේම නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට අරගෙන මාස එකොළහක් බන්ධනාගාරයේ ඉඳලා ඇප ලබා දුන්නා. තාම මේ කිසිම දේකට නඩුවක් ගොනු කරලා නැහැ. මාස ගණන් ගත වෙලත් නඩු ගොනු කරගන්න බැරි සිදුවීම්වලට තමයි හමුදා නිලධාරීන්ව අත්අඩංගුවට අරගන්නේ. මේවා දැක්කහම මේ රටේ ජනතාවට කේන්තියක් ඇතිවෙනවා. මේ අපේ රට බේරාගත් අයට ඇයි මෙහෙම කරන්නේ කියලා. ඒ වගේම හමුදා නිලධාරීන්ට උසාවියේ බංකුවක වාඩි කරලා තියනවා. සමහර දේශපාලනඥයන්ගේ කටඋත්තර ගන්නේ ගෙවල්වලට ගිහින්.

ඒ වගේම රවීන්ද්‍ර විජේගුණරත්න මාණ්ඩලික ප්‍රධානියාව අත්අඩංගුවට ගන්න සැලැසුමක් තියෙනවා නම් නීතිය කොහොම වුණත් සම්ප්‍රදාය විය යුත්තේ බලධාරීන් ගිහින් ආරක්ෂක ඇමැතිට ඒ දේ කියන්න ඕනි. එහෙත් දැන් ජනාධිපතිතුමා දන්නේ නැහැ මෙහෙම දේවල් කරන්න යනවා කියලා. මේක ලොකු ගැටලුවක්. එතුමාව එහෙම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න බැහැ කියලා අපි බොහොම පැහැදිලිව කියනවා. ප්‍රමාණවත් සාක්ෂි නැතිව ඒ වගේ තනතුරක් දරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න බැහැ.

ජනාධිපතිතුමාව ඝාතනය කරන්න යන සැලැසුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි දකින්නේ එය ඉතා භයානක තත්ත්වයක්. ඒ හඬපටය ඉතා භයානක ප්‍රකාශයක්. මෙතැන දේශපාලන කතන්දරයකුත් තියෙනවා. ප්‍රමාදයක් නැතිව ඒ ගැන සාක්ෂි හොයන්න කියලා අපි වගකිවයුත්තන්ට කියනවා.

හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් මේකෙන් තර්ජන තියෙනවා නම් ඒ පිළිබඳවත් සොයා බලන්න ඕනි. ඒ පරීක්ෂණවලින් පස්සේ ගන්න ඕනි පියවර රජය ගනී.

ඒ වගේම අපි සම්පූර්ණයෙන්ම සුමන්තිරන්ගේ ප්‍රකාශය හෙළා දකිනවා. සුමන්තිරන්ලා එදා ඉඳලාම රණවිරු දඩයමකට යන්න සූදානම් වුණු අය. ඔහුගේ ප්‍රකාශ අපි හෙළා දකිනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගිය අවස්ථාවසම්බන්ධයෙන් මහින්දගේ පැත්තේ ඉන්න අය මේක සුවිශේෂී හමුවක් කියලා පෙන්වා දෙන්න හදනවා. නමුත් ඒක එහෙම නැහැ.

උදයන්ති මුණසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com