www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මධුෂ්ගෙ පියාගේ සුපිරි අවමඟුලට වියදම් කළේ ගොඩකවෙල මැණික්කාරයොලු


2018-09-18 07:52:27 -  2171 යි

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමඟු‍ලේ වියදම් දරා ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් බවට බුද්ධි අංශ හෙළි කරගෙන ඇතැයි ‍පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා රිවිර ඉරිදා සංග්‍රහයට පැවසීය. ඩුබායිහි සිටින මධුෂ්ගේ නියෝග මත මිල අධික මිනී පෙට්ටියක පටන්, ගුවන් යානාවලින් මල් ඉසීම ඇතුළු සියලු කටයුතුවලට මැණික් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලැබි ඇති බවද හෙළි කරගෙන ඇත. අවමඟුල් උත්සවය පැවැත්වෙනදා මල් ඉසීමට යොදාගත් හෙලිකොප්ටරය එම ස්ථානයට ගොඩ බැස්සවීමට සූරියවැව ‍පොලිසිය වෙතින් අවසර ගැනීමට උත්සාහ දරා ඇතත් ඊට අවසර දී නැත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com