master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මෝල් ගසකින් පහරදී බිරිය ඝාතනය කළ යුද හමුදා සිවිල් නිලධාරියා අත්අඩංගුවට


2018-09-14 07:35:05 -  451 යි

පන්නිපිටිය - හෂාන් පුෂ්පික බත්තරමුල්ල - ඉනෝකා උදයංගනී

පනාගොඩ - චම්පා ජීවන්ති

තම සහෝදරයා සමඟ ඇතිකර ගත් අනියම් සබඳතාවක් පිළිබඳ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් බෙහෙත් වංගෙඩියක මෝල් ගසකින් බිරියගේ හිසට පහරදී ඝාතනය කොට සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ යුද හමුදා ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුවටම අනුයුක්ත සිවිල් නිලධාරියකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනා බවද පොලිසිය කියයි.

පහරදීමෙන් මියගොස් ඇත්තේ හෝමාගම අතුරුගිරිය පාරේ දෝන මධුවන්ති ජයකොඩි නමැති (32) දෙදරු මවක බව පොලිසිය පවසයි. ඇය හෝමාගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවය කර ඇත.

මෙම කාන්තාව කලක සිට තම සැමියාගේ සහෝදරයකු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ බව දැනගත් සැමියා අවස්ථා ගණනාවක් එය නවතා දමන ලෙස බිරියට අවවාද කොට ඇති බව පොලිසිය පවසයි.

එහෙත් සබඳතාව නවතා නොදැමූ බිරිය තම සහෝදරයා සමඟ කතා කරමින් සිටිනු ඉකුත් 9දා දැකීමත් සමඟ දෙදෙනා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් බිරිය දරු දෙදෙනාද සමඟ තම මවගේ නිවෙසට ගොස් ඇතැයි පොලිසිය පවසයි.

නිවෙසින් පිටව ගිය බිරිය දින 3ක් යන තෙක් නැවත නිවෙසට නොපැමිණීම නිසා සැමියා ඊයේ (13දා) උදෑසන බිරිය රැඳී සිටි නිවෙසට ගොස් ඇත.
එම අවස්ථාවේදී නිවෙසට යෑමට පැමිණෙන ලෙස සැමියා බිරියට දන්වා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොදීම නිසා දෙදෙනා අතර නැවත බහින්බස් වීමක් ඇති වී ඇති අතර පසුව සැමියා නිවෙසින් බැහැරට ගොස් ඇත.
එසේ බැහැරට ගිය සැමියා නැවත සවස 4ට පමණ බිරියගේ නිවෙසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඇති වූ කතාබහකින් පසුව බිරිය කුස්සියට ගිය අවස්ථාවේදී සැමියාද එම ස්ථානයට ගොස් අසල තිබූ කුඩා මෝල් ගසකින් බිරියගේ හිසට පහර දී ඇති බව කියයි.

පසුව පහර කෑමට ලක්වූ බිරිය වෙනත් කාමරයකට දිව යෑමේදී සැමියාද ඒ පිටුපසින් ගොස් අසල තිබූ වයරයකින් බිරියගේ ගෙල සිරකර ඝාතනය කොට ඇති බව පොලිසිය පවසයි. පසුව සැකකරු නිවෙස ඉදිරිපිට තිබූ කොට්ටං ගසකට කඹයක් දමා සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී එය දැක පැමිණි බිරියගේ සොහොයුරු කඹය කපා සැකකරු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පැවැසේ. ඔහු රෝහල වෙත රැගෙන යන අතරවාරයේ බිරිය ඝාතනය කළ බව පවසා තිබේ.

පසුව සිද්ධිය වූ ස්ථානයට පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුව මිරිහාන ඉර්ණීඛ්ර්ණී නිලධාරීන්ද පැමිණ අපරාධ ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවැසේ.

පසුව හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල රෝහලට ගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය. නුගේගොඩ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස් අධිකාරි කරුණාරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ලියනගම මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය සෝමරත්න, පො.සැ. ජයතිස්ස (2857), පො.කො. කමල්සිරි (50007), සෝමරත්න (43749), බණ්ඩාර (70245), රාජපක්ෂ (74456), හරිශ්චන්ද්‍ර (83795) නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com