www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික් ඇතුළු 5ක් නිදොස් කොට නිදහස් කරයි


2018-09-13 14:39:34 -  1605 යි

හෙරොයින් ග‍්‍රෑම් 08යි දශම එකක් සන්තකයේ තබාගෙන සිටි බවට අධි චෝදනා ලැබ සිටි ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි එම නියෝගය ලබාදුන්නේ පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන්ගේ පරස්පර සාක්ෂි හේතුවෙන්. 2003 වසරේ පෙබරවාරී මස 03 වනදා මහරගම ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවටයි නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණේ.

2015 පාකිස්ථානයේ සැඟවසිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් සිද්ධිකි 2015 මාර්තු 19දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට ගෙනඑනු ලැබුවා. අනතුරුව මාස 06ක් රඳවාගෙන ප්‍රශ්න කළ සිද්ධික් 2015 සැපිතැම්බර් මස 19දා අලුත්කඩේ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු විභාගය ඇරඹුණා.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com