www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තැපැල් නෝනා කන්තෝරුව ගෙදර ගෙනියලා


2018-09-13 08:24:09 -  314 යි

ගාල්ල හබරාදුව තිත්තගල්ල උපතැපැල් කාර්යාලයේ අඩුපාඩු කම් තියන බව පවසමින් හිටපු ඇමති චන්දිම වීරක්කොඩි මහතාගේ ලිඛිතව ලිපියක් ලබාගෙන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරිය තම නිවසේ තැපැල් කාර්යාලය පිහිටුවා ඇතැයි, අහංගම තැපැල් ස්ථානාධිපති පී.එච් පුෂ්ප කුමාර මහතා පවසයි.

"මේ නිසා ජනතාවට විශාල පාඩුවක් කරදරයක් සිදුවෙනවා. චන්දිම විරක්කොඩි ඇමති තුමා අනුමැතිය දි තියනවා.ලිපියක් දි තියනවා.වෙනත් ස්ථානයට උපතැපැල් හළ ගෙනියන්න කියලා" යැයි, අහංගම තැපැල් ස්ථානාධිපති පී.එච් පුෂ්ප කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව අදහසු දැක්වූ ඉමදුව සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නිතිඥ තාරක නානායක්කාර මහතා,

"තිත්තගල්ල උප තැපැල් කාර්යාලය තිබු තැන හෝ පහසුකම් ඇති එම ස්ථානයේම හෝ නැතිනම් සුදුසු ස්ථානයක සකස් කරන්න. වෙන තැනකට ගෙනියන්න එපා. ජනතාවට පහසුකම් ඇති ස්ථානයක පැරණි උප තැපැල් කාර්යාලය අසලින්ම නව තැපැල් හල ඉදිකිරීමට පියවර ගන්න.ජනතාවට අපහසුතාවයක් සිදුවනවා නම් නව ගොඩනැල්ල ස්ථාපිත කරන්න.තිත්තගල්ල, අම්පාවිල, ගලගාව, පෑලැස්ස,පුංචි කොග්ගල ගම ආදි ප්‍රදේශ රැසක ජනතාවට සේවා සැපයිය හැකි ස්ථානයක තමයි පෙර මේ තැපැල් කාර්යාලය තිබුණේ. නැමුත්, පහසුකම් නෑ කියලා නව නිලධාරිනිය කිලෝමීටර් ගණනාවක් ඇතක පිහිටි තම නිවසේ තැපැල් කාර්යාලය ස්ථාපිත කරලා තියනවා".

පසුගිය 10 වැනි දන ඉමදුව සම්බන්ධීකරණ රැසවීමේ දී හෙතෙම මේ බව පැවසීය.

තාරක නානායක්කාර මහතා මෙසේද කීය.

"තිත්තගල්ල ආසන්නයේම ගොඩැනැගිල්ල සකස් කරන්න අවශ්‍යයි. ඒ ස්ථානාධිපතිවරිය නිවසේම අංග සම්පුරණ ගොඩනැගල්ලක් සකස් කර එහි නව තැපැල් කාර්යාලය පිහිටුවා තිබෙනවා. එයාට අයිතියක් නෑ තමාට කැමැති ආකාරයට ක්‍රියාකරන්න. මම මේ ගැන දැඩි පියවරක් ගන්නවා".

 සටහන - සුනෙත් ගාල්ලගේ -ගාල්ල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com