master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බේරුණු ධීවරයා බිහිසුණු මොහොත ගැන විස්තර කෙරුව හැටි


2018-09-13 07:54:09 -  579 යි

බොට්ටුව නැවේ හැපුණු ගමන් මා විසිවෙලා මුහුදට වැටුනා..  රාත්‍රි 12.00 සිට උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලී සිටියා.. යැයි මලිදු පුතා නැමති  බහුදින ධීවර යාත්‍රාවේ නැවක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් දිවි බේරාගත් එකම ධිවරයා වන 26 හැවිරිදි එරන්ද පුෂ්පකුමාර මෙකී බිහිසුනු අනතුරට මුහුණ දුන් ආකාරය විස්තර කරනවා.

මලිදු පුතා නැමති බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් පෙරේදා (11) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණා. මසුන් ඇල්ලීම  සඳහා බහුදින ධීවර යාත්‍රාවේ හත් දෙනෙකු ගමන් කොට තිබුණා. 

මහ මුහුදේදී වු මෙම අනතුරෙන් හය දෙනෙකුම මිය ගොස් ඇති අතර ඉන් ධීවරයින් සිව් දෙනකුගේ මළ සිරුරු ඊයේ (12) රාත්‍රියේ නාවික හමුදාව මගින් ගාලු වරාය වෙත රැගෙන එනු ලැබුවා. 

ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති අතර දිවි බේරාගත් එරන්ද පුෂ්පකුමාර බිහිසුණු සිද්ධිය විස්තර කරමින් මේසේද සඳහන් කළා.

"11 වැනිදා සවය හයට විතර බේරුවල ධිවර වරායෙන් අපි පිටත්වුනා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ කල්හාර අයියා. අපි නාවික සැතපුම් 60ක් විතර ගියා.. මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රි 12.00 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම. රාත්‍රි 12.00ට විතර බෝට්ටුව  කල්හාර අයියාට  දුන්නා. පැයක්වත් ගියේ නැහැ. මම යාත්‍රාවේ පසු පසට වෙන්න  නිදාගෙන හිටියේ . 

එකවරම බෝට්ටුව නැවේ වැදිලා පෙරළුනා. මාව මුහුදට විසිවුනා. පසුව මම පීනලා ඇවිත් බොට්ටුවේ එල්ලී සිටියා. නැව ළගටම එනකම් දැක්කේ නැහැ. බොට්ටුව ඇතුලේ හිටපු අය හිර වුනා. බෝට්ටුව අනික් පැත්ත හැරුණා. මම රාත්‍රි දොළහේ  විතර ඉදලා උදේ දහය වෙනකම් බෝට්ටුවේ එල්ලී හිටියා. පසුව මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා. නාවික හමුදාවේ නිලධාරීන් ඇවිත් මා බේරාගත්තා." 

මියගිය ධීවරයින් සිව් දෙනාගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (13) කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි. ජි. එන්. කරණාතිලකගේ නියෝගයකට අනුව මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කොට තිබෙනවා. ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින්ද කුමාරගේ මෙහෙයවීම යටතේ පරික්ෂණ පැවැත් වෙනවා.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com