master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනපතිට හා පොලිස් ලොක්කන්ට මඩ ගැසීමේ පොලිස් මෙහෙයුමක්


2018-09-12 08:21:42 -  645 යි

ජනාධිපතිවරයා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමට පොලීසියේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු කළ සැලසුමක් හෙළිවී තිබේ.

එම මඩ ව්‍යාපාරය දියත් කිරීම සඳහා යොදා ගැනීමට සිටි පුද්ගලයකු විසින් එ් පිළිබඳ අද හෙටම හෙළිදරව්වක් කිරීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුට මඩ ගැසීම සඳහා සැලසුම් කළ ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ හඬ පටයක් ද ඔහු සතුව ඇති බව වාර්තා වේ.

මඩ ව්‍යාපාරය සඳහා යොදාගැනීමට මඩ පෝස්ටර් ද ඇලවීම ඉහත පුද්ගලයාට ලබාදී තිබේ.

මෙම මඩ ගැසීමට ඉලක්ක කොට ඇත්තේ පොලිසියේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී එම්.ආර්.ලතීෆ්, රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, කළුතර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත වීරසූරිය යන නිලධාරීන් බව ද ආරංචි මාර්ග පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com