www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේදී පැහැර ගත් පොලිස් ජීප් රථය හඹා ගොස් අැල්ලුව හැටි


2018-09-12 07:40:20 -  547 යි

පොලිස් ජීප් රථයක් පැහැර ගෙන ගිය සැකකරුවන් සිව් දෙනා ඊයේ (11) රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, කොඩිකාමම් පොලිසියට අයත්ව තිබු ජිප් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් අදාළ ජිප් රථය සමඟින්  ඊයේ (11) රාත්‍රියේදීම මෙලෙස අත්අඩංගුවට ගත් බවයි යාපනය කොඩිකාමම් පොලිසිය පැවසුවේ.

කොඩිකාමම්, කච්චායි, පාලවි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගොස් ජිප් රථය නවතා තිබියදී කණ්ඩායමක් ජිප් රථය පැහැර ගැනීම සිදුකොට තිබූණා.

එහිදි ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් ජිප් රථය හඹා ගොස් සැකකරුවන් හා ජිප් රථය අත්අඩංගුවට ගත් බවද පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවද අනාවරණය වී තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com