master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස් කාන්තාව හෝටලයට ගෙන ගිය ‍පොලිස් නිලධාරියාට උසස්වීමක්


2018-09-09 08:46:36 -  1047 යි

කළුතර ‍පොලිස් විද්‍යාලයේ සේවය කළ තරුණ ‍පොලිස් කාන්තාවක් හෝටලයකට ගෙනගොස් හසුවූ ‍පොලිස් නිලධාරියකුට විමර්ශනයකින් පසුව පුහුණු පක්ෂාංගයක  ස්ථානාධිපති ධුරයක් පිරිනමා උසස්වීම්  ලබාදී ඇතැයි අනාවරණය වේ.

ආධුනික ‍පොලිස් කාන්තාවන් හයසියයක්  පුහුණුවීම් ලබමින් සිටි තැනක ඡායාරූපද සහිතව මෙම ‍පොලිස් කාන්තාව වාහනයෙන් බැසයන අයුරු අනාවරණය වීමෙන් පසුව ‍පොලිස් කාන්තාව කොළඹට මාරු කර අදාළ නිලධාරියාට ස්ථානාධිපති ධුරය පිරිනමා ඇත.

ජාතික ‍පොලිස් කොමිසම වෙත මීට පෙර මෙවැනි  චෝදනාවකට ලක්වූ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකවරයකු අභියාචනයක් ඉදිරිපත් කර තමාට චෝදනා පත්‍ර ලබාදී වැටුප් වර්ධක විලම්භනය කිරීම ගැන පෙන්වා දී යළි ඒවා ලබාගැනීමට උත්සාහ කරඇතත් ‍පොලිස් කොමිසම රැස්වී එම අභියාචනාව ඉදිරිපත් කළ නිලධාරියාව සේවයෙන් පහකර තිබුණේ මෑතකදීය.

එසේ තිබියදී කළුතර හෝටලයට ‍පොලිස් කාන්තාවක් රැගෙන ගිය ‍පොලිස් නිලධාරියා හා කාන්තාව ඒ සම්බන්ධව කළ විමර්ශනයකදී වරද පිළිගත් පසුව ස්ථානාධිපති තනතුරක් පවරා ඇතැයි හෙළිවී ඇත.

  ඔබේ අදහස්
Nme - thamira
Message -Ane ithin thawa mal pipiyan........
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com