master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ෆයිබර් ග්ලාස් යාත්‍රා රැසක් ගිණි තබා වනසයි (ඡායා)


2018-09-07 15:01:17 -  349 යි

සේරුනුවර පොලිස් වසමට අයත් තිත්තන්චෙට්ටි වැලි තොටුපලෙහි නවතා තිබු වැලි ගොඩ දමන්නන්ට අයත් ෆයිබර් ග්ලාස් යාත‍්‍රා 35 ක් කිසියම් පිරිසක් විසින් අද (06) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව සේරුනුවර පොලිසිය පවසයි.

වැලි ගොඩ දැමීමට මහ වැලි ගඟෙහි නවතා තිබු මෙම යාත‍්‍රා මතට පෙට්ට‍්‍රල් සහ ටයර් දමා ගිනි තැබීම කරන්නට ඇති බවට පොලිසිය සැකපල කරයි.

ගින්නෙන් සියලුම යාත‍්‍රාවලට අර්ධ වශයෙන් හානි සිදුව ඇති අතර එම කිසිදු යාත‍්‍රාවක් යළි භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් ගින්නට හසුවූ යාත‍්‍රා 35 හිමිකරුවන් 26 දෙනෙකුට අයත් ඒවා බව පොලිසිය කියයි.

ගිනි තැබීම කළ සැකකරුවන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සේරුනුවර පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com