www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුරුණෑගල OASES ආයතනයේ හිමිකරු දමිත් වික්‍රමසිංහ ඇදගෙන නාගනී


2018-09-07 11:14:53 -  663 යි

කුරුණෑගල නාවින්න හන්දියේ පිහිටා ඇති ළමුන් රට යවන මුවාවෙන් මුදල් රැගෙන වංචා කරන ආයතනයක් පිළිඹඳ උකුස්සා මීට පෙරත් සඳහන් කළා. එහි නවතම තත්වය ඉතා සෝචනීය බව දැනගන්නට ලැබී ඇත. ළමුන් රට යවන මුවාවෙන් බෝර්ඩ් ගසා කාර්යාලය ඇතුළත කරගෙන යන කූට ව්‍යාපාර පිළිඹඳ අසාධාරණයට ලක්වුණු ශිෂ්‍යයෙක් මෙම OASES ආයතනයට තමාගේ මුදල් ලබාගැනීමට ගොස් හිතාගන්නට නොහැකි වූ අත්දැකීමකට මුහුණ පා ඇතැයි ආරංචි මාර්ග පවසයි 

කුරුණෑගල නාවින්න හන්දියේ රවී සුමතිවර්ධන නමැති අයට අයත් සරසවි ගොඩනැගිල්ලේ පිහිටා ඇති මෙම අත්භූත ව්‍යාපාර ස්ථානය මුදල් වංචා කිරීම, ගැහැණු ළමුන් අපචාරයේ යෙදවීම පමණක් නොව දවල් කාලයේ මත්  පැන් පානය කරනා අරක්කු තිප්පොලක්ද බව දැනගන්නට ලැබී ඇත. ඉහත කී ශිෂ්‍යයා කාර්යාලයට යන විටදී එම ගොඩනැගිල්ලේ ආරක්ෂකයෙක් ඔහුට අදනම් එයාලව හම්බෙන්න බැරිවෙයි අද එහෙ පාටි යනුවෙන් පවසා ඇතැයි දැනගන්නට තිබේ. කෙසේ වෙතත් මෙම පාටිය කුමක්දැයි දැනගැනීම සඳහා මොහු ඉහල මාලයට යන විටදී දැක ඇත්තේ ඇතුලේ අරක්කු බෝතල් තබාගෙන සින්දු කියමින් සිටි කාර්ය මණ්ඩලය බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි. පසුව මොහු දමිත් වික්‍රමසිංහ ට දුරකථන ඇමතුමක් ලබා දී එලියට  එන ලෙස පැවසු විටදී දමිත් එලියට විත් Hi whats up bro යනුවෙන් මොහුට කතාකොට ෂොට් එකක් දමුදැයි අසා  ඇති බව දැනගන්නට ලැබී තිබේ. එහිදී ෂොට් නෙමෙයි දමිත් අයියේ මගේ සල්ලි දෙන්න යැයි පැවසු විට දමිත් වික්‍රමසිංහ දෙන්නං දෙන්නං බන් අලුත් බිස්නස් එකක් ආපුවාම දෙන්නම් යනුවෙන් පවසා ඇතැයි වාර්තා වේ.

අධ්‍යාපනයට ළමුන් රට යවන මුවාවෙන් මුදල් වංචා කරන මෙම කුරුණෑගල OASES EDUCATIONAL SERVICES ආයතනය මෙවැනි අකාරයෙන් හැසිරෙමින් කුරුණෑගල නගරය තුළ මේ කරගෙන යන්නා ව්‍යාපාරය නවත්තන්නේ නැත්තේ ඇයිදැයි මෙම අසාධාරණයට ලක්වූ ශිෂ්‍යයා සරසවි ගොඩනැගිල්ලේ ඉන්නා අරක්ෂකයාගෙන් විමසු විට ඔහු දමිත් මහත්තයයි තුෂාර මහත්තයයි බිස්නස් කරන්නේ ඇමෙරිකාවේ විදියට යනුවෙන් පැවසු බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

මෙම ආයතනයේ සේවය කරන දමිත් වික්‍රමසිංහ ඇතුළු සේවිකාවන් හොඳට ගසනවා යනුවෙන් ගොඩනැගිල්ලේ ආරක්ෂකයා වැඩිදුරටත් පවසා ඇතැයි දැනගන්නට තිබේ. කාර්යාලයේ සිට මත්  පැන් පානය කර හවසට බෝතල් පහලින් තබා යන විටදී එව්වා අයින් කරන්නට වී ඇත්තේද තමුන්ට බව මෙම ආරක්ෂකයා වැඩිදුරටත් පැවසු බව ආරංචි මාර්ග පවසයි. 

නීතිය ඉදිරියේ නීතිය නමන දමිත් වික්‍රමසිංහ නමැති මේ සොර දෙටුවා ගැන විමසීමක් කල අපේ  උකුස්සාට සොයාගත හැකිවී ඇත්තේ මීට අවුරුදු 07 කට පෙර ගැට්ටුවානේ IELTS පන්ති පවත්වා යුරෝපයට ළමුන් පිටත් කර යැවූ හර්ෂ නැමැත්තාගේ ඝාතනය බව දැනගන්නට ලැබී තිබේ. හර්ෂ ඝාතනයේ ප්‍රධාන ඔත්තුකරු දමිත් වික්‍රමසිංහ බවට එදා ජනතාව සැකකලත් නුවර දළදා මාලිගාවේ නිලමේතුමාගේ මැදිහත් වීමෙන් මොහුව මුදාහැර ඇති බව දැනගන්නට ලැබී තිබේ. ඒ කෙසේ වෙතත් උකුස්සා දැනගත් ආකාරයට ගැට්ටුවාන හර්ෂ ඝාතනයේ ඝාතකයන්ට ඔත්තුව ලබාදී ඔහුව ඝාතනය කිරීමට උල්පන්දම් දී ඇත්තේ මෙම  OASES EDUCATIONAL SERVICES ආයතනයේ වික්‍රමසිංහ ආරච්චිගේ දමිත් ලසන්ත කුමාර  හෙවත් දමිත් වික්‍රමසිංහ බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි 

කුරුණෑගල සරසවි ගොඩනැගිල්ල ළඟදීම සම්භාහන මධ්‍යස්ථානයක් වන බවට සැක නැති බව එම ගොඩනැගිල්ලේ ආරක්ෂකයෙකු දමිත් හමුවන්නට එන මිත්‍රයෙකු සමග පවසා තිබෙන බවද ආරංචි මාර්ග පවසයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com