master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විසි වසරකට පසු ඇමෙරිකානු සාම බළකාය ලංකාවට එයි


2018-09-07 08:32:53 -  303 යි

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

දෙරට අතර මිත්‍ර සම්බන්ධතා වර්ධනය කරමින් විසි වසරකට පසුව යළිත් ශ්‍රී ලංකාව තුළ සේවය කිරීම සඳහා ඇමෙරිකානු සාම බළකාය පැමිණීමට නියමිතය.

ඉංගී්‍රසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා ඇමෙරිකානු සාම බළකායේ ස්වේච්ඡා සම්පත් දායකයන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ ඉංගී්‍රසි දැනුම වර්ධනය කිරීම සඳහා මෙහිදී මූලික අවධානය යොමු කරනු ලබයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවෙන් ඇමෙරිකානු සාම බළකායේ ස්වේච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ යළි ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කළ අතර 2018 පෙබරවාරි මාසයේදී ඒ සඳහා ද්වි පාර්ශ්වීය ගිවිසුමකට අස්සන් තැබීම සිදුවිය. අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා සිය දෙනකුගෙන් සමන්විත ස්වේච්ඡා සම්පත්දායකයන් පිරිසක් එක්වීමට නියමිත අතර ඒ අනුව 2020 වසරේ අධ්‍යයන වර්ෂය ආරම්භ කරනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වෙමින් ජනතාව සමඟ එක්ව කටයුතු කරමින් ස්වකීය සේවය ලබාදෙන අතරම සංස්කෘතික ක්‍රියාකාරකම් හරහා දෙරට අතර ජනජීවිතය පිළිබඳව දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමටද මෙහිදී පියවර ගනු ඇත.

1962 වසරේ සිට අධ්‍යාපන, සෞඛ්‍ය සහ තරුණ කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ මෙම ස්වේච්ඡා වැඩසටහන් 1998 වසරේ අවසන් වූයේ එවකට පැවැති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙනි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com