www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස් ලොක්කන් විකුණා කෝටි ගණන් මුදල් ගැරූ පොලිස් OICට වැඩ වරදී


2018-09-07 08:06:23 -  501 යි

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ හා පොලිස් දෙපාර්තමේන්තු ගණකාධිකාරිවරයාගේ අත්සන හා නිල මුද්‍රා ව්‍යාජ ලෙස යොදමින් සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටි පොලිස් සංඛ්‍යාලේඛන කොට්ඨාශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඞී.බී. අත්තනායක මහතා අද සිට වැඩ තහනමට ලක්කර තිබේ.

මුල්‍ය ආයතනවලට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර ඉහළ නිලධාරීන්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සම්බන්ධව මෙම වැඩ තහනම සිදුකර ඇත.

මුල්‍ය ආයතනයක් මගින් තමන්ට රුපියල් ලක්ෂ 55ක් වංචා කිරීම හා නම් දෙකකින් ලියකියවිලි ඉදිරිපත් කර වංචා කිරීම ගැන පොලිස් විශේෂ විමර්ශන එ්කකයට කරන ලද පැමිණිල්ලක් මත මෙම සැකකරුට දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත්තේ මීට මසකට පෙර ය.

ඉන්පසුව සැකකරු අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද වීම හමුවේ පොලිස් කොමිසමට මුල්‍ය ආයතන මගින් කරන ලද පැමිණිලි මත මොහු වැඩතහනමට ලක්කර ඇත.

ව්‍යාජ නම් දෙකකින් මෙම සැකකරුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන වැටුපත් ව්‍යාජ නමට ඇරඹු බැංකු ගිණුමකට යොමුකර ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com