master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත වූ දැරිය ගැබිනියක බව හෙළිවෙයි


2018-09-06 09:43:35 -  554 යි

ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇතිකරගෙන තිබූ බාලවයස්‌කාර දැරියක (15) ස්‌ත්‍රී දූෂණයට ලක්‌ කළ අයෙක්‌ වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු තෙල්දෙණිය මහෙස්‌ත්‍රාත් කලංසූරිය මහතා විසින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්ගම බෝගස්‌කුඹුර ප්‍රදේශයේ තරුණයෙකි. මව නොමැති එම දැරිය පියාගේ භාරකාරත්වය යටතේ ජීවත්ව සිට ඇති අතර ඇයගේ අසාධ්‍ය තත්ත්වයක්‌ මත පියා විසින් ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගත කිරීමෙන් පසු ඇය පරීක්‍ෂා කර වෛද්‍යවරු පවසා ඇත්තේ මේ වන විට දැරිය දරුවකු ලැබීමට සිට ඇති බවයි. මෙම දැරියගේ පෙම්වතා ඇගේ නිවසට පැමිණ ඇති බවද පොලිසිය සිදුකර ඇති පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

වත්තේගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අනුර බණ්‌ඩාර නවරත්න මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති රුවන් ගුණතිලක සහ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් දර්ශිකා යන නිලධාරීහු විසින් ද මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com