master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයට ඇතුළු වන ස්ථානයේ තොරණක් ඉදි කරයි (PHOTO)


2018-09-05 07:57:46 -  406 යි

යාපනය නගරයට ඇතුළු වන ස්ථානයේ ඒ-9 මාර්ගයේ පිළිගැනීමේ තොරණක් ඉදිකිරීමට පටන් ගෙන විශාල කාලයක් ගතව ඇතත් එහි වැඩ කටයුතු මේ දක්වා අවසන් කොට නොමැතිකම නිසා ගමනාගමන කටයුතු වලට එය විශාල බාධාවක් වී තිබේ.

යාපනයට යන එන වාහන හිමියෝ කියා සිටින්නේ මේ තොරණ ඉදි කරණ පිරිස විසින් මාර්ගයෙන් හතරෙන් තුනක්ම වසා ඇති බවයි.

නමුත් මේ තොරණේ ඉදිකිරීම් කටයුතු දැන් විශාල කාලයක සිට නතර වී තිබීම නිසා වාහන හිමියන් මෙන්ම ජනතාවද දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

මේ පිළිගැනීමේ තොරණ ඉදි කරනු ලබන්නේ  යාපනය මහනගර සභාව විසිනි.

එම තොරණ ඉදිකිරීම බාරගත් කොන්ත්‍රාත්කරුවන්ට නිසි ලෙස අදාල ගෙවීම් නොකළ නිසා ඔවුන් ඉදි කිරීමේ කටයුතු නවතා ඇති  බව මේ පිළිබදව කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණි.

නගර සභාවේ නිලධාරීන් කියා සිටින්නේ අදාල කොන්ත්‍රාත්තුව බාරගත් පිරිස එය නියමිත කාලයේදී ඉදිකොට අවසන් නොකළ නිසා ගෙවීම් කටයුතු ප්‍රමාද වී ඇති බවයි.

(දිනසේන රතුගමගේ)


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com