master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඕස්ට්‍රේලියාවේ ISIS ත්‍රස්ථ ප්‍රහාරයක් සැලසුම් කළ ලාංකිකයෙක් අත්අඩංගුවට


2018-08-31 15:16:27 -  603 යි

ඕස්ට්‍රේලියාවේ,නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි පුද්ගලයකු ඹ්ස්ට්‍රේලියානු ෆෙඩරල්පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේරැඳී සිටිනශ්‍රී ලාංකිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

සිඩ්නිහි ස්ථාන කිහිපයකට ත්‍රස්තප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ ලේඛනයක් මොහු සතුව තිබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඔහු තම සටහන් පොතක ප්‍රහාර සඳහා ඉලක්කගත ස්ථාන සටහන් කොට තිබී ඇත. මොහුISIS සංවිධානය හා සබඳකම් ඇත්තෙකු බවත් එරට ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මොහුවෙවර්ලි ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතරමෙම නඩුව ඔක්තෝබර් 24 වනදා තෙක් කල් තබා තිබෙනවා. මොහු අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේය.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com