www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පත්වීම් ගන්න එන්න කියා උපාධිධාරීන් මන්දිරෙන් එළියට දාලා


2018-08-29 08:05:02 -  532 යි

රැකියා විරහිත උපාධිධාරින් සංවර්ධන නිලධාරි තනතුරේ පුහුණු අවස්ථා සඳහා බඳවා ගනිමින් අභ්‍යාසලාභි පත්වීම් ලිපි ප‍්‍රදානයේදී අදාල අභ්‍යාසලාභින් පත්වීම් ලිපි බාර ගැනීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණි පසු ක්‍රියාත්මක වූ දේශපාලන අදිසි හස්තයක් මගින් උපාධිධාරින් පිරිසක් එම අවස්ථාවේ අදාල ලේඛනවලින් ඉවත්කර උත්සවයෙන් ඉවත්කර ඇති බව උපාධිධාරි ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම පත්වීම් ප්‍රදානය කිරීම පසුගිය 20 වන දින අරලියගහ මන්දිරයෙදි පැවැත්විණි. 60000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරින් ගෙන් 4000 කට පමණ පිරිසක් තෝරා ගනිමින් ආණ්ඩුව අභ්‍යාසලාභි පුහුණුව සඳහා බඳවා ගන්නා ලදී.

එම අවස්ථාවට පැමිණි සම්මුඛ පරීක්‍ෂණ මගින් තෝරාගත් වැඩි ලකුණු සහිත උපාධිධාරින් 4000 කට වෙන වෙනම පත්වීම් භාර ගැනීම සඳහා වන කැඳවීම් ලිපි ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් තැපැල් මගින් යවා තිබුණි. එහිදී මෙම අසාධාරණයට ලක්වූ මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ගත් උපාධිධාරින් 14 කට ආසන්න පිරිසක් දේශපාලන පළිගැනීම්වලට ලක්වෙමින් පත්වීම ලබාගැනීමට ගොස් සිටියදී ඉන් ඉවත් කිරීම බරපතල දේශපාලන පළිගැනීමක් බව ඔවුහු අවධාරණය කර සිටිති.

එම දේශපාලන පළිගැනීමට එරෙහිවත්, වහා මෙම අනීතික කටයුත්ත නිවැරදි කරන ලෙසත් ඉල්ලමින් එම දේශපාලන පළිගැනීම් වලට ලක්වූ උපාධිධාරින් අගෝස්තු 29 බදාදා කොළඹදී,පෙ.ව. 10.00 ට - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිලි ඉදිරිපත් කිරීමත්,මධ්‍යාහ්න 12 ට - ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍ය ලේකම් හමුවීම හා අදාල විරෝධතා ලිපිය ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com