master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"ඉන්දියාවේ මත්ද්‍රව්‍ය වඩමරච්චියෙන් මෙරටට"


2018-08-27 11:14:50 -  310 යි

ඉන්දියාව හරහා උතුරට පැමිණෙන මත්ද්‍රව්‍ය වලින් විශාල ප්‍රමාණයක්  ගොඩබෑම් සිදු වන්නේ යාපනයේ වඩමරච්චි මුහුදු තීරයෙන් බව යාපනයේ වඩමරච්චි ධීවර සංගමයේ සභාපති පී මුරලි  යාපනයේදී කියා සිටියේය.

වඩමරච්චි පළාතේ ධීවරයින් මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව සාකච්ඡා කිරීම සදහා යාපනයේ මාධ්‍ය සමාජයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

වඩමරච්චි ප්‍රදේශයේ කිසිම ධීවර සමීතියක සාමාජිකත්වය ලබානොගෙන බලහත්කාරයෙන් මේ පළාතේ ධීවර කටයුතු වල නිරත ධීවරයෝ  මේ ක්‍රියාවට සම්බන්ධ බව වඩමරච්චි ධීවර සංගමයේ සභාපතිවරයා කියා සිටියි.

වඩමරච්චි පළාත්ට පිටින් පැමිණ ධීවර රැකියාව කරමින් ඔවුන් නිරතව සිටින්නේ මේ මත්ද්‍රව‍ය ජාවාරමේ බවටද සභාපතිවරයා චෝදනා කරයි.

බලහත්කාරයෙන් පැමිණ සිටින මේ ධීවරයින්ව ඉවත් කරණ ලෙස තම ධීවර සංගමය දැනට වසරක කාලයක සිට රජයටත් ධීවර බලධාරීන්ටත් බලකොට සිටින නමුත් ඒ බලහත්කාර ධීවරයින්ට  දේශපාලානඥයින්ගේ රැකවරණය හා ආරක්ෂාව ලැබෙන නිසා මේ ප්‍රශ්නය නොවිසෙදන බවද වඩමරච්චි ධීවර සංගමයේ සභාපතිවරයා කියා සිටියි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com