master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සී.එස්.එන්. නාළිකා අධ්‍යක්ෂ ඉසිරි අත්අඩංගුවට ගන්නැයි නියෝග


2018-08-24 08:24:27 -  208 යි

මාලඹේ - රාජිකා රණසිංහ

සී.එස්.එන්. නාළිකාව (කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස්) මුදල් අවභාවිත කරමින් මුදල් විශුද්ධිකරණ පනතට අනුව වරදක් කර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම් කර සිටින වෙස්ටන් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂවරයා වන ඉසිරි ධර්මප්‍රිය දසනායක යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (23දා) මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

මෙම නඩුවට අදාළව මීට ඉහත නඩුවාර දෙකකදී අධිකරණය කර තිබූ නියෝගයකට අනුව එම සාක්ෂිකරු පෙනී නොසිටීම නිසා විනිසුරුවරයා එම වරෙන්තු නියෝගය නිකුත් කළේය.

කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට දැනට ඇප කොන්දේසි යටතේ මුදා හැර සිටින මෙම නඩුවේ වගඋත්තරකරුවන් වන්නේ, යෝෂිත රාජපක්ෂ, සී.එස්.එන්. ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග, එහි අධ්‍යක්ෂවරුන් වන රොහාන් වැලිවිට, කවිශාන් දිසානායක හා වෛද්‍ය අශාන් ප්‍රනාන්දු යන පස් දෙනායි.

සී.එස්.එන්. ආයතනය ස්ථාපිත කිරීමේදී යොදවා ඇති රුපියල් මිලියන 234ක ප්‍රාග්ධනය අතරින් කෙටසක් ව්‍යාජ ගනුදෙනු හා නීත්‍යනුකූල නොවන ආකාරයෙන් උපයා ගැනීම, කූට ලේඛන සකස් කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම හා සමාගම් පනත උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර ඇත.

ඊයේ (23දා) මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉහත කී සාක්ෂිකරු වෙනුවෙන් නීතිඥ නියෝගයක් ඇත්දැයි විනිසුරුවරයා විමසා සිටි අතර නීතිඥවරයකුගේ එවැනි නියෝජනයක් නොමැති බව අනාවරණය වීමෙන් පසුව සාක්ෂිකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය. මෙම නඩුව ලබන 23 දින යළි කැඳවීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com