master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

TNA මන්ත්‍රීට මුලතිව් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝගයක්


2018-08-23 12:58:31 -  226 යි

මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළවලට අලාභහානි සිදුකිරීමේ නඩුව සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුට නැවත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එළඹෙන ඔක්තෝම්බර් 30 වැනිදා පෙනී සිටින ලෙස ඊයේ (21) මුලතිවි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

පසුගිය 02 වැනිදා මුලතිව් ධීවර සංගම් පැවැත්වු විරෝධතාවයකදී රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මුලතිව් ‍ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළ වෙත හානි පමුණවා තිබීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ (21) කැඳවු අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත් ආර්. පරංසෝදි මහතා නියෝග කොට සිටියේය.

මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළ වෙනුවෙන් හානි කිරීම සම්බන්ධයෙන් යොමුකළ පැමිණිල්ලක් මත මුලතිව් පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයන් අනුව පළාත් සභා මන්ත්‍රීවරයා පසුගිය 10 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කොට ඇප මත මුදා හැර තිබිණ.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ වෙනත් දිස්ත්‍රික්කයන්හි ධීවරයින්ට මසුන් ඇල්ලීමට අවසරය ලබානොදෙන ලෙසට හා තහනම් දැල් ආම්පන්න යොදා සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙසට ආදි ඉල්ලීම් ගණනාවක් ඉල්ලමින් රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විරෝධතාවයක් පැවැත්වු අතර, උද්වේගී ලෙස හැසිරුණ පිරිස් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළ වෙනුවෙන් හානි පමුණවා තිබිණ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com