www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාවික හමුදා යාත්‍රාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී පිහිනමින් සිටි පිරිසක් නිරීක්ෂණය වෙයි


2018-08-23 10:43:59 -  486 යි

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සංචාරය කරමින් සිටි නාවික හමුදා යාත්‍රාවකට මුහුදේ පිහිනමින් සිටි පිරිසක් නිරීක්ෂණය වී තිබෙනවා.

කන්කසන්තුරය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් මෙම යාත්‍රාවේ සිට ඇති අතර අදාළ නිලධාරීන් මුහුදේ පිහිනමින් සිටි පිරිස වෙත ගොස් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ එම පිරිස  ඉන්දීය ඡාතික ධීවරයින් බවත් ඔවුන් ගමන් ගත් බෝට්ටුව ගැඹුරු මුහුදේ දී අනතුරකට පත්වීමෙන් පසු මෙලෙස පිහිනා යමින් සිට ඇති බවයි.

ඒ අනුව මුහුදේ සිටි 06 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන කන්කසන්තුරය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

වයස අවුරුදු 43,34,29, සහ 26 යන වයස් කාණ්ඩවල පිරිස් එහි සිට ඇති අතර පිරිස අද (23) මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com