www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්.. නිලධාරීන් කාන්තා රැදවියන්ට දිගට හරහට පහර දෙයි.. ඔළු පැලී අතපය කැඩෙයි..


2018-08-21 08:17:24 -  466 යි

කාන්තා රැදවියන් හා බන්ධනාගාර නිලධාරීන් අතර වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම නිසා රැඳවියන් තිදෙනෙක් හා නිලධාරීන් 08 දෙනෙකු ‌තුවාල ලබා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔහු පවසන්නේ කාන්තා රැදවියන් සියයක් පමණ සිරකුටිද කඩාගෙන විත් බන්ධනාගාර නිලධාරීන්ට ගල් ගැසූ බවයි.

මෙම කැරැල්ල මර්දනය සදහා නිලධාරීන් විසින් අවම බලය යෙදූ බවද ඔහු සදහන් කරයි.

කාන්තා රැඳවියන් 52ක් අත්අඩංගුවට පත්ව ඇති අතර එම පිරිස වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත.

කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ රැදවියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා පවසන්නේ බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දීම නිසා කාන්තා රැුදවියන් විශාල පිරිසකගේ ඔළු පැලී අතපය කැඩි ඇති බවයි.

 

 

වීඩියෝව

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com