www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වයඹ මහ ඇමති උණුසුම සමග පොහොට්ටුවේ ගැරීම ඇරඹු වගයි.


2018-08-20 18:03:04 -  651 යි

වයඹ පළාතේ මී ළඟ මහ ඇමති ධුරයට පොහොට්ටුවෙන් ජයරත්න හේරත් සහ එජාපයෙන් නාවින්න යන දේපල ස්ථීර කරද්දී පොහොට්ටුවේ ජයග්‍රහණය වැඩිකිරීමට කුරුනෑගල නගරාධිපති ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අලුත් වැඩකොටසක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

පොහොට්ටුවෙන් ජයරත්න හේරත් ස්ථීර කිරීම වෙනුවෙන් දුම්මල වරම අතට ගත් වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා හරිනම් සුදුස්සා මමයි යනුවෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසුණු බැව් දැනගන්නට තිබේ.  එම කාරණාව සැලවූ වහාම පොහොට්ටුවේ නායකත්වය ඩී. බී හේරත් මන්ත්‍රීතුමාට දුරකථන ඇමතුමක් ලබා දී '' මේ ඩී. බී නිකන් විකාර කරලා තමන්ගේ තියන ජනමතයත් නැති කරගන්න එපා. ජයරත්න හේරත් මේ වැඩේට හොඳයි. ඒ මනුස්සයට ජනමතයක් තියනවා ඔයාට වඩා. එහා පැත්තෙන් නාවින්න එනකොට ඔයාට නාවින්න එක්ක හැප්පෙන්න පුලුවන්ද. ඒ නිසා නාවින්න එක්ක හැප්පෙන්න ජයරත්න හොඳයි. ඔයා  පාර්ලිමේන්තු යන්න ලැහැස්ති වෙන්න නිකන් මිනිස්සු කුලප්පු කරන්නේ නැතිව '' යැයි පවසා ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

මේ අවවාදයත් සමගම ඩී. බී හේරත් මන්ත්‍රීවරයා තමන්ගේ මාධ්‍ය හමුව අවලංගු කර ඇතැයි දැනගන්නට ලැබී ඇත.

කුරුනෑගල නගරාදිපතිගේ ජගුවර් කාරය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ කටකතා පැතිර යන බව දැනගන්නට තිබේ.මිලියන 23 කට අදික ගණනක් වටිනා මෙම ජගුවර් රථය නිසා කුරුනෑගල පොහොට්ටු වාදීන්ගේ අඬහැරය බාලවී ඇතැයි ආරංචි මාර්ග පවසයි. තවද කුරුනෑගල ඔරලෝසු කනුව අසල යොදනා දැන්වීම් පුවරු වලට මුදල් විශාල වශයෙන් අයකිරීමත් දේශපාලන දැන්වීම් පුවරු වලට නගර සභාවෙන් මුදල් අය නොකිරීමත් නිසා මේ පිරිස පිළිඹඳ වයඹ කුරුනෑගල ජනතාව කලකිරීමෙන් පසුවන බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ජයරත්න හේරත් සහ ඩී. බී හේරත් යන දෙපල වයඹ මහ ඇමති පුටුව වෙනුවෙන් සීතල යුද්ධයක් කරත් පොහොට්ටුවේ නායකත්වය ජයරත්න හේරත්ව ස්ථීර කර ඇති බව වයඹින් අපට දැනගන්නට ලැබී ඇත .

 

උපුටා ගැනීම - වයඹ මීඩියා 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com