master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මන්නාරම් වෙරළට යළිත් කේරලයේ කුණු


2018-08-20 16:18:23 -  316 යි

ඉන්දියාවේ සිට යළිත් වරක් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුද ඔස්සේ ගසාගෙන විත් මන්නාරම වෙරළේ තැනින් තැන තැන්පත් වී ඇතැයි මන්නාරමේ ධීවරයෝ කියා සිටිති.

මෙම අපද්‍රව්‍ය අතර මියගිය මසුන්ගේ කොටස්,සතුන්ගේ කොටස්  හිස් බෝතල්,ප්ලාස්ටික් භාජන හා රෝහල් වලින් ඉවත් කරණු ලබන අපද්‍රව්‍යද ඇති බව කියා සිටින මන්නාරමේ ධීවරයෝ මීට මාස හතරකට පමණ ඉහතදී මෙවැනිම අපද්‍රව‍ය තොගයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි අන්දම සිහිපත් කළහ.

මේ අපද්‍රව්‍ය වලින් මේ වන විටත් දැඩි දුර්ගන්ධයක් හමමින් පවතින අතර ඉන්දියාවේ පිරිස් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි ලෙසින් සිදු නොකරණ නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වන බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියහ.

පසුගිය වතාවේ මේ අන්දමටම අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මන්නාරම මුහුදු වෙරළට ගසාගෙන පැමිණි අවස්ථාවේදී යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැණුම් දීමෙන් පසුව සේවකයින් පිරිසක් යොදවා එම අපද්‍රව්‍ය ඉවත් කළ බවත් විශාල කාලයකට අපද්‍රව්‍ය මන්නාරම වෙරළ  තීරයට හෝ උතුරේ වෙනත් ප්‍රදේශයකට නොපැමිණි බවත් ධීවරයෝ කියා සිටිති.

මෙම අපද්‍රව්‍ය මන්නාරම වෙරළ තීරයට ගොඩ ගැසූ බව සැලවීමත් සමගම පසුගිය වතාවේදී මෙන්ම මන්නාරමේ වැසියෝ මෙවරද මාලු අනුභව කිරීම නත්‍ර කොට ඇති බවත් පිටස්තර වෙළෙන්දන් මන්නාරමේ මාලු තොග මිලට ගැනීමට නොපැමිණෙන බවත් කියා සිටියහ.

මන්නාරම මුහුදු වෙරළට මෙම අපද්‍රව්‍ය ගොඩ ගැසීම සම්බන්ධයෙන් මෙවරද දුරකතන පණිවුඩයක් මගින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට වෙත දැණුම් දුන් බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com