master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට බාධා


2018-08-20 11:29:26 -  345 යි

මේ දිනවල පැවැත්වෙන උසස් පෙල විභාගයට පෙනි සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ඊයේ (18) විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් විභාගය ලියමින් සිටින අවස්තාවේ  එම ශාලාවට පත් කර සිටි අතිරේක ශාලාධිපතිවරයෙකුගෙන් බාධාවක්  පැමිණ ඇති බව ශ්‍රි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා චෝදනා කර සිටියි.

එම පාසලේ පළමු ශාලාවේ සිසු සිසුවියන් 159 දෙනෙකු විභාගය ලියමින් සිටින අවස්තාවේ සිසු සිසුවියන් අතරට පැමිණි එම අතිරේක ශාලාධිපතිවරයා හදිසියේම සිසු සිසුවියන් කිහිප දෙනෙකු පරික්ෂාවට ලක් කිරිම නිසා සිසු සිසුවියන්ගේ උත්තර පත්තර ලිවිමේ කටයුතුවලට  බාධාවක් වි  ඇති බවත්, ඒ තුලින් සිසු සිසුවියන්ට මානසික පිඩාවක් ඇති වි ඇති බවයි, ජෝශප් ස්ටාලින් මහතා කියා සිටින්නේය.

විභාග ශාලාධිපතිවරයාට හෝ අතිරේක ශාලාධිපතිවරයාට සිසු සිසුවියන් එවැනි පරික්ෂාවට ලක්  කල හැක්කේ විභාගය ආරම්භ විමට ප්‍රථම බවයි ජෝශප් ස්ටාලින්  මහතා කියා සිටියේය.

විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට සිදු වුවේයයි කියන බාධා කිරිම සම්බන්ධයෙන් එම සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ තමන්ට ලද පැමිණිලි මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරි ජෙනරාල් වරයාට පැමිණිලි කල බව ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියි.

මෙම බාධා කිරිම සම්බන්ධයෙන් තම සංගමයටද ලද පැමිණිලි කිහිපයක් මත එම සිද්ධිය සම්බන්ධයෙන් තම සංගමයද විභාග කොමසාරි ජෙනරාල්වරයාට පැමිණිලි කල බව ශ්‍රි ලංකා අධ්‍යාපන සමාජ සේවා සංගමයේ ලේකම් සංකර් මණිවන්නන් මහතාද  කියා සිටියි.

(හැටන් රංජිත් රාජපක්ෂ)

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com