master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"සැමියා රස්සාවට ගිහින්, බිරිඳ වෙනත් පුරුෂයෙක් නිවසට ගෙන්වා ගෙන" වැරදි වැඩක් කළ බිරිඳට සැමියෙක් දුන් දඬුවම!


2018-08-20 11:10:50 -  659 යි

තමන් රැකියාවට ගොස් සිටියදී, වෙනත් පුරුෂයෙක් සමග සම්බන්ධයක් පැවැත්වූ සිය බිරිඳට පහර දී, හීටරයක් රත් කර පිලිස්සූ සැමියෙක් පිළිබදව වාර්තා වෙනවා. ඒ අනුරාධපුර තලාව ප්‍රදේශයෙන්. 

පසුගිය (16දා) රාත්‍රියේ තම බිරිඳ තවත් පුරුෂයකු සමඟ කාමරයේ සිටින බව දුටු තම වැඩිමහල් පුතා තමාට දුරකථන පණිවුඩයක්‌ ලබාදුන් බවත් ඒ වනවිට මොරටුව ප්‍රදේශයේ ලොරියක ලොරි සහයකයකු ලෙස සේවය කරමින් සිටි තමන් එදිනම රාත්‍රියේ තලාවට පැමිණි බවට තලාව පොලිසියේ අත්අඩංගුවට පත්වූ සැකකරු පවසා ඇත.

ඉන්පසු පුතාගේ දුරකථන පණිවුඩයට අනුව තමන් නිවසට පැමිණෙන විට තම බිරිඳ නිවසේ නොසිටි නිසා සෑම තැනම බිරිඳ සොයා බැලූ බවත් ඊට පසුදිනද තලාව ප්‍රදේශයේ සෑම තැනකම තම බිරිඳ සෙවූ බවත් ඔහු පොලීසියට පවසා තිබෙනවා.

පසුව තම බිරිඳ බිරිඳගේ ඥතී නිවසක සැඟවී සිටියදී අල්ලාගත් බවත් බිරිඳ තමන් ගැනවත් තම දරුවන් ගැනවත් නොසිතා කළ මෙම පහත් ක්‍රියාව නිසා කේන්ති ගොස්‌ බිරිඳගේ අතපය බැඳ පහර දී හීටරය රත්කර ඇයගේ ඇඟේ ස්‌ථාන කීපයක්‌ පිලිස්‌සූ බවටත් ඔහු පවසා තිබෙනවා. ඉන්නොනැවතී සිය බිරිඳගේ කොණ්‌ඩයද කපා දැමූ බව සැකකරු තලාව පොලිසියට පවසා ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් තලාව පොලිසිය මාධ්‍යයට පවසන්නේ මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳට පහරදෙන අවස්‌ථාවේදී 119 දුරකථනය ඔස්‌සේ ලබාදුන් පණිවුඩයකට අනුව ක්‍රියාත්මක වූ තලාව පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.  පහර කෑමට ලක්‌වූ බිරිඳ මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් තලාව පොලිසිය මාධ්‍යයට පැවසුවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com