www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දරුවන් ලිංගික වහලුන් ලෙස විකිණූූ ළමා නිවාසය


2018-08-20 10:34:57 -  1258 යි

එය හතර වටින්ම අඳුර පැතිරුණු දුර්ගන්ධයෙන් පිරි අප‍්‍රසන්න තැනකි. ඇය මුදාගන්නා අවස්ථාවේදී ඇයගේ දෑත් තිබුණේ නවා සකස් කරන ලද පැරණි බඳුනක පටියකින් ගැටගසා ය. ඇය ගලවා ගැනුණේ ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පිහිටි ජනේලයක්වත් නොමැති තෙමහල් ගොඩනැගිල්ලකිනි. එ් තුළ සිටියදී හිරු නොනගින ග‍්‍රහලෝකයක සිරවී සිටීදැයි දැනෙන තරමට අඳුර පැතිර පවතී. එ් තුළ සිරවී සිටියේ ඇය පමණක් නොවේ. සම නොමැති නම් ඇටකටු බිම ඇදවැටෙන තරමට කෘෂ වී ගිය ඇයට සිනහව ද අමතකව ගියා සේය. දින කිහිපයක් යනතුරු ඇයගෙන් වචනයක් පිටවූයේ නැත. ඉන්පසුව ඇය දන්නා තරමින් සිදු වූ දේවල් කීවේ අපිළිවෙළට ය.

හිටපු ගමන් නාඳුනන අය එනවා. එ් අය ඇවිත් හරියට කරදර කරනවා ඇඟ පුරාම ඇති වේදනාවේ කැළැල් පෙන්වමින් ඇය කීවේ ගණනය කළ නොහැකි තරමේ වාර ගණනක් නාඳුනන අයගේ ලිංගික අතවරවලට ලක් වූ හැටි ය.

අවුරුදු 7ත් 17ත් අතර වයසේ පසුවන ගැහැනු දරුවන් 44 දෙනකු පමණ සිර කර තැබූ තෙමහල් ගොඩනැගිල්ල පිහිටියේ මුසාෆර්පුර්හි අපිරිසිදු වීදියකයි. මුසාෆර් කුඩා නගරය ප‍්‍රසිද්ධ වී තිබුණේ ලාබ ඇඳුම්, ලාකඩ වළලූ විකුණන නගරයක් ලෙසය. එපමණක් නොව, එම කුඩා නගරය අපරාධ සැලසුම් කරන තැනක් ලෙස ද ප‍්‍රචලිතය. එ් නිසාම අපරාධකරුවෝ බහුලව මෙහි නිදහසේ වෙසෙති. එහි සිටින තරමක් සිටින්නේ ජාවාරම්කරුවන්, හිර කඳවුරුවලින් පලාගිය අය, අනාථයන්, දුගී ජනතාව ය. මෙම නගරය ඉන්දියාවේ පිහිටි දුප්පත්ම නගරවලින් එකකි. මෙහි වෙසෙන මුළු ජනගහනයෙන් 46% ක්ම අවුරුදු 17ට අඩු බාලවයස්කරුවන් ය.

පසුගිය 30 වැනිදා එනම් රජයේ සැමරුම් උත්සව සිදුවන අවස්ථාවක පොලිස් විමර්ශකයන් ඉහත සඳහන් කළ ගොඩනැගිල්ලට හදිසියේ කඩාවැදුණහ. එහි සිටි දැරියන් සියලූ දෙනා පොලිස් වෑන් රථ තුළට යැවිණි. මේ සියල්ල සිදුවූයේ පිටු 100කින් යුත් වාර්තාවක් හේතුවෙනි. එම වාර්තාව සැකසුණේ සමාජ විද්‍යාව පිළිබඳ ටාටා ආයතනයේ සමීක්ෂකයන් අතිනි. එම වාර්තාව සැකසීම සඳහා මුම්බායි මුලික කර ගනිමින් විවිධ නගරවල මාස 6ක් තිස්සේ ඔවුහු දිස්ත‍්‍රික් 38ක ස්ථානගත වූහ. සමීක්ෂකයන් රහසිගතව සමීක්ෂණයේ යෙදිණි. රැඳවුම් මධ්‍යස්ථාන 110කට සමීක්ෂකයන් රිංගා තිබුණි. ඉන් 71ක්ම දරුවන් රැඳවූ සුරක්ෂා නිවහන්ය. එම වාර්තාවේ මුසාෆර්හි දරුවන් රැුඳවූ නිවහන ගැන ද පිටු කිහිපයක් විය. වාර්තාව නිකුත් කිරීමත් සමඟ එය මහත් ආන්දෝලනයට තුඩු දුන් එකක් විය.

ගැටලූසහගත වාර්තාව නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීම් සඳහා හේතුවිය. රජයේ අවධානය යොමුවීමෙන් පසුව එය පොලිසිය අතට පත්විය. දරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම දියත් වූයේ ඉන් පසුවයි.

දින කිහිපයක් ඔවුන්ට ප‍්‍රතිකාර හා නවාතැන් පහසුකම් දි ඔවුන් අධීක්ෂණය කිරීමට කාන්තා විමර්ශකයන්ගෙන් යුත් කණ්ඩායමක් කටයුතු කළෝය. මෙම ගොඩනැගිල්ල තුළ දරුවන් නිරන්තර ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වී ඇති බව හෙළිවිය. පිරිමි දරුවන් දෙදෙනෙකි. ඔවුන් අවුරුදු 7ක් වයසැති දරුවන්ය. ඔවුන් එ් තුළ මෙහෙකාර සේවයට යොදා තිබු අතර හිමිකරුගේ හා ගැහැනුන්ගේ විකෘති හැසිරීම්වලට ලක්වූවන් විය. වසර ගණනක් තිස්සේ හිරු එළියක් හෝ නොදැක, කිසිදු එළිමහනකට නොගොස් අතවරවලට පමණක් මුහුණදිම නිසා ඔවුහු විවිධ මානසික හා කායික ආබාධවලින් පීඩා විඳිමින් සිටියෝය. ඇතැම්හු ක්ෂය රෝග, සමෙහි ආසාධනවලින් අසාධ්‍ය තත්ත්වයක සිටියහ.

හැමදෙනා තුළම අසාමාන්‍ය හැසිරීම් පෙනෙන්නට වූහ. ඇතැමුන්ගේ සිරුරේ බ්ලේඞ්වලින් කැපුම් පහර ගණනාවක් විය. හැම දරුවකුම අඩුම තරමින් පහරකෑම්, දුම්වැටි පිළිස්සුම් කැළැල් ආදි කැළැල් 25ක් වත් තිබූ අය වූහ. ඔවුන් හිටිහැටියේ හඬන අතර එම අවස්ථාවේදීම මහ හඬින් සිනාසෙයි. ආගන්තුකයන් මේ තුළට ලිංගික වහල්භාවය ලබාගැනීම පිණිස පැමිණෙන දිනට දරුවන්ගේ ආහාරවලට නිදිපෙති දමයි. දැරියන් පවසන පරිදි සුළුවෙන් ලබාදෙන නීරස ආහාරයෙන් පසුව හිටි හැටියේ ඔවුන් ක්ලාන්ත වී ඇදවැටෙයි. ඇතැම්මු පැවසු පරිදි  ගැහැනු දරුවන් උදෑසන නැගිටින විට ඇඟහි ඇඳුම් පවා තිබී නැත. වේදනා දෙන සිරුරට කුමක් වී දැයි ඔවුන් දන්නේ ද නැත.

සෑම දිනකම පාහේ මෙවැනි දෙයක් සිදුවන අතර එ් දිනවල කාමර තුළට හොරෙන් රිංගා බලා සිටිය ටාකූර්ට දරුවන්ගේ වචන තුළ චෝදනා සැඟවී තිබුණි. ටාකූර් යනු එම දැරියන් සහ සුරක්ෂා නිවහන භාරව සිටින පුද්ගලයායි. දරුවන් බලා ගැනීමට සිටින වැඩිමල් ගැහැනුන් කිහිපදෙනෙකි. දැරියන් ලිංගික අඩන්තේට්ටම්වලින් පසුව ඉඳහිට අසනීප වූ අවස්ථාවලදී එම ගැහැනුන් ඔවුනොවුන් මුමුණා සිනාසී ටාකූර්ගේ කාමරයට ගොස් විවේක ගන්නැයි පවසා තිබේ. එහි ගිය විට ටාකූර් කරන්නේ දැරියගේ කුසට දැඩිව පා පහර දීමය.

මෙම දරුවන් භාරව සිටි හිමිකරු වන ටාකූර් සහ තවත් 9 දෙනකු වහා පොලිස් අත්අඩංගුවට ගැනිණි. බ‍්‍රාදේෂ් ටාකූර් මේ සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ. ඔහුට එල්ල වන චෝදනා අතර දේශපාලන පෙලඹවීමක් ද ඇති බව කියැවේ. ටාකූර් යනු හින්දු කුඩා දිනපතා පුවත්පතක හිමිකරු මෙන්ම කර්තෘය. එම පුවත්පත සීමිත පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ පුවත්පතකි. ඔහු එය කරගෙන ගියේ වෙනත් අරමුණක් වෙනුවෙනි. ඉන්දියානු රජයෙන් අඩු මිලට පුවත්පත් කඩදාසි ලබාගෙන එ්වා කළු කඩවලට විකුණා දමයි. එ් සඳහා ඔහුට ආණ්ඩුවේ සහය ලැබේ. 50 හැවිරිදි අයකු වන ටාකූර්ගේ හොඳම මිතුරන් අතර සිටින්නේ ද මැති ඇමැතිවරුන්ය. මෙම දරුවන් රඳවා සිටි නිවහන රජයේ ළමා නිවාසයක් ලෙස පවත්වාගෙන යන අතර එ් සඳහා රජයෙන් ඔහුට එරට රුපියල් මිලියන 4ක් සෑම වසරකම ලැබේ. සේවක පඩි නඩි සඳහා ද ඔහුට වෙනම මුදල් හිමි වේ. ටාකූර් එරට රජයේ පිළිගත් මාධ්‍යවේදියකු ලෙස ලියාංපදිංචි අයෙකි. එ් අනුව ඔහුට  ඕනෑම අවස්ථාවක එරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවිය හැක. එරට සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලැබීමට සුදුසු, ඉන්දීය ජනමාධ්‍යවේදීන්ගේ කවයේ සාමාජිකයෙක් ද වේ.

කෙසේ වෙතත් රජයට අයත් මෙම ළමා රැුඳවුම් නිවාසයට එරෙහිව නැගී ඇති චෝදනා අතිශයින් බරපතළ ය. අපරාධ බහුලව සිදුවූ තැනක් ලෙස මුසාෆර්පූර්හි ළමා නිවාසය දැන් විමර්ශන ගණනාවකට වස්තු බීජ සපයා තිබේ. පොලිස් විමර්ශකයන් ද මෙහිදී වළක්වාලීමට ඉන්දීය දේශපාලන බලවේග කි‍්‍රයාත්මක වන බවට චෝදනා එල්ලවී ඇත.

ඉන්දියාවේ බලවත් බීජේපී පක්ෂයේ දේශපාලකයන්ට ද මේ හා සම්බන්ධව චෝදනා එල්ලවෙමින් ඇත. රජයේ ආනුභාවයෙන් හොඳහැටි හම්බ කරගත් ටාකූර් දැන් බන්ධනාගාරයේ ය. ඔහුව හඳුන්වන්නේ බිහාරයේ රාජ පෂකයා ලෙසයි. බරපතළ අපරාධ චෝදනා ගොන්නක් ඔහුට එරෙහිව නඩු ලිපිගොනු තුළ ලියැවුණත් ඔහු සැහැල්ලූවෙන් කල්ගත කරන බවක් පෙනෙන්නට ඇතැයි එරට වාර්තාවල පැවසේ. එ් ඔහුගේ ඊළඟ අපරාධයට කූට සැලසුමක් ඔහු සතුව ඇති නිසා විය හැකිය. එ් සැලසුම මේ අපරාධවලින් ගැලවී දේශපාලනයේ සෙවණැල්ලෙන් අලූත් අපරාධයකට මුල පිරීමට විය හැකිය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com