www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩිලන්ත ඝාතන සැළැස්මේ මහ මොළකරු එජාප සංවිධායක බෙවන් පෙරේරාගෙන් පොලීසිය ප්‍රශ්ණ කිරීම අරඹයි


2018-08-17 12:47:07 -  859 යි

මෝටර් රථ ධාවන ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ කණ්ඩායමක් කැළණියේ හිටපු එජාප  සංවිධායකවරයකු වූ බෙවන් පෙරේරාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඊයේ (16) ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

පෑලියගොඩ පොලිසියෙන් කරුණු දැනුම් දීමක් අනුව ඔහු පොලිසිය හමුවේ පෙනි සිට තිබේ.

මෙම සංවිධායකවරයා බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී තිබිණි.

නාවලපිටිය ප්‍රදේශයේ මාලගමුව මහතාට අයිති ඉඩමක් ප්‍රදේශීය දේශපාලඥයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන තිබූ බවත් මේ පිළිබඳව මාලගමුව මහතා දිගින් දිගටම කටයුතු කිරීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙසේ සැලසුම් කර තිබූ බවත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com