www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ටියුෂන් ගුරුන්ටයි ටෙලි නළුවන්ටයි නිරුවත පූජා කරපු ඉස්කෝ‍ලේ කෙල්ල


2018-08-14 08:01:22 -  1851 යි

මොනරාගල ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරු දෙදෙනකු පාසැල් සිසුවියක් අපයෝජනය කර එහි දර්ශන ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධ කොට උණුසුම යාමට මත්තෙන් තවත් එවැනිම සිදුවීමක් වාර්තා වන්නේ මොනරාගලට කිට්ටුව බිබිලෙනි.
මොනරාගල බිබිල ප්‍රදේශයේ පාසල් ගුරුවරයකු, ටියුෂන් ගුරුවරු තිදෙනකු සහ ටෙලි නාට්‍ය නළුවකු එක්ව පාසැල් සිසුවියක් සමග කාලයක් තිස්සේ සබඳතා පවත්වා යමින් ෆේස්බුක් ඔස්සේ ඇගේ නිරුවත් ඡායාරූප හුවමාරු කර ගැනීමකි.

මෙම පාසල් සිසුවිය 16 හැවිරිදි වියෙහි පසුවන්නීය. බිබිල-මහියංගණය මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය ප්‍රදේශයේ බාලිකා විදුහලක උසස් පෙළ අධ්‍යාපනය හැදෑරුවාය. ඇය කරාටේ ක්‍රීඩාවටද දස්කම් දැක්වූවාය. මනා රූසපුවකින් හෙබි ඇයට මිතුරන් රැසක්ද විය. ෆේස්බුක් සමාජ ජාලා වබේ අඩවිය ඔස්සේ ඇය නිතරම සිය මිතුරන් සමග වරින් වර කෙටි පණිවුඩ සහ විවිධ ඡායාරූප හුවමාරු කරගත්තාය.

ෆේස්බුක් ඔස්සේ ඇය වැඩිපුරම සබඳතා පැවැත්වූ පුද්ගලයින් සිව්දෙනකු විය. ඉන් තිදෙනකුම ටියුෂන් ගුරුවරුය. අනෙක් පුද්ගලයා බාලිකා විදුහ‍ලේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකි. ටියුෂන් ගුරුවරු තිදෙනාගෙන් දෙදෙනකු පිරිවෙන් ගුරුවරුය. මේ ගුරුවරු තිදෙනාම ප්‍රදේශයේ බිබිල පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වී සිටියහ.

මේ සිසුවිය ටියුෂන් ගුරුවරු තිදෙනා සමග පමණක් නොව අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයාද වරින් වර මුණගැසුණාය. ඔවුන් සමග විවිධ සබඳතා පැවැත්වූවාය. ෆේස්බුක්, වයිබර්, ඉමෝ මාර්ගයෙන් කෙටි පණිවුඩ සහ ඡායාරූප හුවමාරු කර ගත්තාය. එම ඡායාරූප රැසක් ඇගේ නිරුවත් ඡායාරූප විය. කෙටි පණිවුඩ රැසකද අන්තර්ගත වූයේ අසැබි දෑය. නමුත්, මේ ගැන ඇගේ දෙමාපියන් කිසිවක් දැන සිටියේ නැත. දෙමාපියන් සිතුවේ සිය දියණිය හොඳින් අධ්‍යාපනය ලබන බවය.

නමුත්, ඇය දෙමාපියන්ට හොරා ටියුෂන් ගුරුවරු සමග සබඳතා පැවැත්වූවාය.
මොනරාගල ‍පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට ප්‍රදේශයේ හුවමාරු වන අසැබි සී.ඩී. තැටියක් පිළිබඳව තොරතුරක් ලැබෙන්නේ මේ අතරතුරදීය. එම සී.ඩී. තැටියේ පාසැල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සහ ෆේස්බුක් කෙටි පණිවුඩ රැසක් අඩංගුව තිබුණි. ඒ ඇයව ආදර බස් දොඩා රවටමිනි. මේ පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙසට ‍පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක විල්බට් සිල්වා මහතාට දැනුම් දුන්නේය.

ඒ අනුව මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම සී.ඩී. තැටිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලදී.

2016 සිට වයිබර් සහ ඉමෝ සමග මෙම සිසුසවිය ටියුෂන් ගුරුවරු තිදෙනාට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයාට නිරුවත් ඡායාරූප යවා තිබුණි. ඇය මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිසුවිය ඇගේ දෙමාපියන්ද සමග ‍පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවන ලදී.

එහිදී සිසුවියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ ඇය ටෙලි නාට්‍ය නළුවෙක් සමගද සබඳතා පවත්වා ඇති බවය. ඇය ඔහුටද නිරුවත් ඡායාරූප යවා තිබුණි.

පොලිස් නිලධාරීන් හමුවේ ඇය තවත් කාරණයක් අනාවරණය කළාය. බිබිල, පිටකුඹුර පැත්තේ විදුහලක තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරයා තමන්ට බලපෑම් කරන බව ඇය ‍පොලිසියට කියා සිටියාය.

සර් මට තර්ජනය කරා. මගේ ෆෝන් එක හැක් කරලා ගත්ත ඡායාරූප එයා ළඟ තියෙනවා කියලා. එයා එක්ක හිටියේ නැත්නම් ඒ ෆොටෝ ෆේස්බුක් දානවා කිව්වා යැයි ඇය ‍පොලිසියට කියා සිටියාය.

ඉස්මාලගේ සුරංග සංජීව අබේරත්න නමැති එම ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට ‍පොලිසිය කටයුතු කරන ලදී. ‍පොලිසිය සිදුකළ වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වූයේ මෙම සිසුවිය 2016 වසරේ සිට වරින් වර අපයෝජනයට ලක්ව ඇති බවය.

සිසුවිය නිසියාකාරව තොරතුරු අනාවරණය නොකිරීම නිසා ටියුෂන් ගුරුවරු තිදෙනා, ටෙලි නාට්‍ය නළුවා ඇතුළු පිරිස මතෛක් අත්අඩංගුවට ගෙන නැත. ‍පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු සයිබර් අපරාධ විමර්ශන අංශයට පවරා ඇත. ඒ අනුව ඉදිරියේදී ඔවුන්ද නීතියේ රැහැනට හසුවනු ඇත.<

සාලිය කුමාර ගුණසේකර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com