www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නව හැවිරිදි පාසල් සිසුවියට අතවර කරන්න හැදු දහතුන් හැවිරිදි‍ අයියා!


2018-08-13 09:21:00 -  927 යි

වයස අවුරුදු නවයක පාසල් ශිෂ්‍යාවකට අතවර කිරීමට තැත්කළ දහ තුන් හැවිරිදි පාසල් සිසුවකු පිළිබදව නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වේ. සැකකාර පාසල් සිසුවා නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර සිසුවිය ප්‍රාථමික විදුහලක හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලිසිය පැවසීය.
 
වාර්තා වන අන්දමට සිදුවීම මෙලෙසය,
 
පසුගිය දිනක නොච්චියාගම ප්‍රාථමික විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවිය පාසල අවසන් වීමෙන් පසුව තම මව සමඟ පාසලේ සිට ඇත. දැරියගේ මව පාසලේ මිදුල අතුගාමින් සිට තිබේ. ඒ අවස්‌ථාවේදී මහ විදුහලක ඉගෙනුම ලබන තම නිවසට යාබද නිවසේ පදිංචිව සිටින මෙම සිසුවා පාපැදියෙන් නිවසට යනු දුටු මව "පුතේ මම මේ ටික අතුගාල එන්නම් මේ නංගි ගෙදර ගිහින් දාන්න" යෑයි පවසා ඇත. 

ඒ අනුව මෙම සිසුවා ඇය රැගෙන ගොස්‌ දැරිය තම නිවස පිටුපස ඇති වැව් පිටියට ගෙන ගොස්‌ තිබේ. එහිදී ඇයට අතවරයක්‌ කිරීමට තැත් කිරීමේදී ඇය මහ හයියෙන් කෑගැසීම නිසා එම අවස්‌ථාවේ ඒ අසලින් ගිය කාන්තාවකට එම ශබ්දය ඇසී ඇත. එහිදී කාන්තාව දුටු සිසුවා දැරිය අතහැර පලා ගොස්‌ ඇත. පසුව මෙම කාන්තාව එම දැරිය රැගෙන පොලිසියට පැමිණ සිද්ධිය පවසා තිබේ. 

මෙම කාන්තාවද අසල්වැසි අයකු වන අතර එම දරුවන් දෙදෙනාම හඳුනන අයෙකි. ඒ අනුව දැරියගේ මව පොලිසියට කැඳවා පරීක්‍ෂණ කළ අතර සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සිසුවා අධිකරණයට ඉදිරිපත් කර දැරිය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. වෛද්‍ය පරීක්‍ෂණ අනුව දැරියට කිසිදු අතවරයක්‌ සිදුවී නොතිබූ බව හෙළිවිණැයි පොලිසිය පැවසීය.
 
පසුව මහෙස්‌ත්‍රාත් නියෝග මත දැරිය ඇයගේ මවට භාරකළ අතර පරිවාස භාරය මගින් සිසුවා ද ඔහුගේ මිත්තනියට භාරදී ඇත. නඩු විභාගය සැප්තැම්බර් හතර වැනිදා යළි කැඳවීමට නියමිතය. මෙම සිසුවාගේ පියා මියගොස්‌ය. ඔහුගේ මවද වෙනත් විවාහයක්‌ කරගෙන වෙනත් ප්‍රදේශයක ජීවත් වෙයි. සිසුවා සිය මිත්තනිය සමඟ ජීවත්වන බවද පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com