master
New Page 1

තාජුඩීන්ගේ පසුපස හඹාගිය වාහනයේ සිටි පුද්ගලයෙකු හෙළිවෙයි


2017 01 06 02.44 PM -  1215 යි

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවූ දින රාත්‍රියේ ඔහුගේ වාහනය පසුපස හඹාගිය වාහනයේ සිටි පුද්ගලයෙකු පිළිබද කරුණු හෙළි වි තිබෙනවා. රහස් පොලීසිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිරාන් රත්නායක අධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. මරණකරුගේ පසුපසින් පැමිණි පුද්ගලයා සම්බන්ධයෙන් වූ වැඩිදුර පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බව ද ඩිරාන් රත්නායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුටත් කියා සිටියා. මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක හා නාරහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා යන අය ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com