දැරියගේ මව දලු කැඩීමට යන අතරේ ටොෆි දීලා 6 හැවිරිදි දැරියට අතවර කරලා.
|

2018-07-25 15:05:58
- 1229
යි
වළහන්දුව වත්තේ පදිංචි හය හැවිරිදි දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ විසි දෙහැවිරිදි තරුණයකු අක්‌මීමන පොලිසිය මගින් (23දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ද එම ප්‍රදේශයේ අයකි. ඔහු කොළඹ නගරයේ මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිතව රැකියාවක් කරන අයෙකි. මාසයකට වරක් මොහු ගමට පැමිණෙන අතර එහිදී මෙම දැරිය අපයෝජනය කොට ඇති බැව් පොලිසිය පවසයි. මෙම දැරියගේ මව දලු කැඩීමට යන අතර පියා ඇය හැරගොස් ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
දැරියට ටොෆි ලොසින්ජර් ආදිය ලබා දී ඇය රවටාගෙන අපයෝජනයට ලක්‌කොට ඇති බවද පොලිසිය කියයි. දැරිය අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කොට ඇත. අක්‌මීමන පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අක්‌මීමන වැඩබලන පොලිස් ස්‌ථානාධිපති පො. ප. නිශාන්ත ද සිල්වා, පො. සැ. (59111) සරත්චන්ද්‍ර, පො. සැ. (75343) මදුසංක, පො. කො. (70299) ලක්‌මාල් යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|