www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රස සොයන මහත්තුරු සල්ලං ක්ලබ් කෙල්ලො දාන සෙල්ලං


2018-07-21 15:14:57 -  1255 යි

කොළඹ නගරය පුරා රාත්‍රී සමාජශාලා බොහොමයක් දක්නට ලැබේ. එම රාත්‍රී සමාජශාලාවල සැඟවුණු රහස් කතා බොහෝය. ඒ පිළිබඳ තොරතුරු ඉකුත් සති කිහිපය තුළ සජීවී අත්දැකීම් තුළින් පාඨක ඔබ වෙත ගෙන ඒමට කටයුතු කළෙමු. එහි වෙනස්ම වූ පැතිකඩක් වන කොළඹ නයිට් ක්ලබ් කෙල්ලන් ගහන ගේම් ගැන මෙවර රිවිර පාඨක ඔබ වෙත ගෙන එන්නේය.

එම ගේම් සිදුවන අයුරු සොයන්නට මම මිතුරන් කිහිප දෙනකු ද සමග කොළඹ නගරයේ පිහිටි මැති, ඇමැතිවරු මෙන්ම සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් නිරතුරුවම ගැවසෙන ප්‍රසිද්ධ රාත්‍රී සමාජශාලා 05ක් වෙත පිය නැගුවෙමි.

එක් එක් නයිට් ක්ලබ්වල සිටින කෙල්ලන් ගහන ගේම් ද විවිධාකාර බව එහිදී දැන ගන්නට ලැබුණි. සමහර සුරූපී ක්ලබ් කෙල්ලන් ගහන ගේම් මායාකාරි වංචාවන් බඳු යැයි කිව හැකිය.

එක් රාත්‍රී සමාජශාලාවක සිටි ආරක්ෂකයකු මගේ මිතුරෙකුගේ හිතවතකු බැවින් ක්ලබ් කෙල්ලන් ගහන ගේම්වලින් ටිකක් දැන ගැනීමට එතරම් අපහසු වූයේ නැත.

මේ ක්ලබ් එකේ කෙල්ලෝ කීයක් විතර වැඩ කරනවාද (මා බවුන්සර් ආරක්ෂක නිලධාරීන් ක්ලබ්වලදී හඳුන්වන නම) හිතවතා සමග කතාබහ ඇරඹුවෙමි.

දැන් නම් 25ක් විතර ඉන්නවා. සර්

මේ අයට පඩි කොහොමද?

මාසෙකට රුපියල් 25000ක් දෙනවා. හැම බිලකින්ම සියයට 10ක කොමිස් මුදලක් ලැබෙනවා. රුපියල් 30,000ක බිලක් දැම්මොත් රුපියල් රුපියල් 3000ක කොමිස් මුදලක් කෙල්ලට හම්බ වෙනවා

ඒ කියන්නේ ක්ලබ් කෙල්ලෙක් මාසයකට රුපියල් ලක්ෂයක් විතර හොයනවා

හැමදාම ජොබ් එකට එන කෙල්ලෙක්ට ඊට වඩා වැඩි මිසක් කොහොමවත් අඩු වෙන්නේ නැහැ

ගෙස්ට්ලාව සුද්දෙ දාන කෙල්ලොත් ඉන්නවාද?
එක එක කෙල්ලො සුද්දෙ දාන විදිය වෙනස්
ඒ කිව්වේ

හොඳ සල්ලිකාර ගෙස්ට් කෙනෙක් ආවොත් ඒ මනුස්සයා ළඟට යන්න කෙල්ලො ‍පොරකනවා. ගිහිල්ලා ඉස්සෙල්ලා ගෙස්ට්ගෙ ඇඟට හේත්තුව එහෙම දාලා හොඳ බිලක් (ඕඩර් එකක්) දා ගන්නවා. ඊට පස්සේ ගෙස්ට් ළඟ ඉඳගෙන ෆන් එකක් දෙන ගමන් විස්කි බෝත‍ලේ ඉක්මනට හිස් කරන්න මාන බලනවා

කෙල්ලන් දාන වැඩකිඩ බලාගෙන බොන ගෙස්ට් ටික වෙලාවකින් හොඳ පදමට රත් වෙනවා.

ගෙස්ට්ලා සල්ලි දීලා ගන්න සේරම දේවල් බොනවද?
ඒක මෙහෙමයි සර් සමහර ගෙස්ට්ලාට ටිකක් බොනකොට ඩාන්ස් කරන්න, වොෂ් රූම් යන්න ඕනෑ වෙනවා. අන්න එතකොට විස්කි බෝත‍ලේ ගොඩාක් හිස් වෙනවා.

ඒ කොහොමද?
සමහර කෙල්ලෝ බොන්න වගේ වීදුරුවලට විස්කි දා ගන්නවා. ටේබල් එකෙන් ‍පොඩිවෙලාවකට ගෙස්ට් නැගිට්ටොත් ඒ වීදුරුවල තිබුණු විස්කි අයිනකට හලනවා. නැත්නම් අල්ලපු ටේබල් එකේ ඉන්නේ තමන්ගෙම හිතවතියකට හොරෙන්ම දෙනවා. ඒ ෂොට් එකට එයා වැඩේ දෙනවා.

මේක ගෙස්ට් දැන ගන්නේ නැද්ද?
ගොඩක් වෙලාවට ගෙස්ට්ලාට වෙරි වුණහම කොච්චර බිව්වද කියලා මතකයක් නැහැ. ක්ලබ් එකේ තියෙන කළුවර හින්දා කොහොමත් ඒක දැනෙන්නෙ නෑ. ගෙස්ලාට හොඳට පදම් වුණාම ඒ වගේ වෙලාවල්වලට ගෙස්ට්ලාගෙන් කෙල්ලො චොක්ලට් වගේ දේවල් ඉල්ලනවා

ක්ලබ් එකේ චොක්ලට් තියෙනවාද?
ඔව් සර්. රුපියල් 2500 ඉඳලා රුපියල් 6000 විතර වෙනකම් වගේ චොකලට් ජාති කීපයක්ම තියෙනවා. සමහර ගෙස්ට්ලා තමන්ගේ හිතවත්කම වැඩියෙන් පෙන්වන්න චොක්ලට් පෙට්ටි වගේ දේවල් කෙල්ලන්ට අරන් දෙනවා

ගෙස්ට්ලාගේ බඩු උස්සන කෙල්ලොත් ඉන්නවද?
ඉන්නවා සර් සමහර කෙල්ලො බලන්නෙම ගෙස්ට්ලාගේ මොනව හරිහොරකම් කරන්න. ගොඩාක් නැතිවෙන්නෙ ෆෝන් තමයි. සල්ලිත් නැති වෙනවා. සමහර ගෙස්ට්ලාට ක්ලබ් එකට ගෙනාපු සල්ලි ගැන මතක් වෙන්නෙ පහුවදාට වෙරි හිඳුනමනේ සර්. සමහර ගෙස්ට්ලා තමන්ගේ මොනව නැති වුණත් ලැජ්ජාවට කාටවත් කියන්නේ නෑ. ඒකෙ වාසිය කෙල්ලට යනවා. හැබැයි ගෙස්ට්කෙනෙක්ගේ මොකක් හරි හොරකම් කළා කියලා දැනගත්තොත් අපේ බොසා කෙල්ලව ඒ වෙලාවෙම අස්කරලා දානවා.

මා මිතුරන් සමග තවත් රාත්‍රී සමාජශාලාවකට යනවිට එහි උපන්දින සාදයක සේයාවක් ගෙන තිබුණි. එහිදී අපට සත්කාර කළ වේටර් ඇමතූ මා,

අද පාටියක්ද?
ඔව්. සර්. අද තරුෂිගේ බර්ත්ඩේ පාටි එකනේ
තරුෂි කිව්වේ
අර සුදු, උස, කෙට්ටු කෙල්ලෙක් ඉන්නෙ. බළල් ඇස් තියෙන. තරුෂි මේ අවුරුද්දට බර්ත්ඩේ එක ගන්නෙ තුන්වැනි පාරට

වේටර් පැවසූ දෙස මා තුළ කිසියම් කුහුලක් ඇති කළේය.
ඒ කිව්වේ

තරුෂි ලස්සන හින්දා හොඳ ගෙස්ට්ලා සෙට්වෙනවනේ. ඒ ගෙස්ට්ලා දෙන ගිෆ්ට් හොඳ හින්දා අවුරුද්දට බර්ත්ඩේ පාටි 04ක් 05ක් ගන්නවා. මේ ක්ලබ් එකට එන ගෙස්ට්ලා ඒක දන්නේ නැති නිසා බර්ත්ඩේ ගර්ල්ට හොඳට සලකනවා

මාගේ මිතුරකු හා දැවටෙමින් සිටි කෙල්ලෙකුගේ ඉල්ලීිමක් ද මා හට ඇසිණි.

සර්, මට බඩගිනියි. කන්න මොනවහරි ඕඩර් එකක් දාමුද?
පස්සෙ දාමු
සර් මම දවල්ට කාලත් නැහැ

මොනවද ඕනෙ
රයිස් එකක් දාමු

අයියෝ රයිස් එකක්ද වෙලාසනින් කියන්න එපැයි මාගේ මිතුරා පවසනු ඇසිණි.
අපිට රයිස් එකක් ගේන්න මාගේ මිතුරා වේටර්වරයකු අමතා ඕඩර් එකක් දැම්මේය. විනාඩි 10 ක් පමණ ගතවූ පසු වේටර්වරයා රයිස් එකක් ද එහි බිල්පත ද රැගෙන ආවේය. බිල්පත බැලූ මාගේ මිතුරා අන්දමන්ද වී ඇති සෙයක් පෙනුණි.

ඇයි? මම ඔහුගෙන් විමසීමි.
මචං රයිස් එකට රුපියල් 5000යි. කෙල්ලට 10 කොමිස් එකයි.
අසල සිටි වේටර්වරයා ඇමතූ මා මේ බිල් එක හරිද බලන්න

හරි. සර්ගෙ යාළුවත් කෙල්ලගේ ඇක්ටින් එකට අහුවෙලා වේටර් මට රහසින් මෙන් කීවේය. ක්ලබ් කෙල්ලන් ගහන ගේම් තව කොපමණ ඇත්දැයි මට සිතිණි.

චීන කෙල්ලො කොළඹට ඇවිත් දාන සෙල්ලම් ලබන සතියෙ
ඉෂාර රත්නකාර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com