master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වහලයෙන් බැස නිරුවතින් නිවසට ඇතුළුවූ තිදරු පියා නිදි යහනේ සිටි තරුණියකට නිරුවත පෙන්නලා..!


2018-07-21 08:21:18 -  919 යි

බෝගහගොඩ - ඒ. ඩබ්ලිව්. ඒ. නිමල් 
 
 අක්‌මීමන බටදූව හීරළුගොඩ ප්‍රදේශයේ නිවසක වහලයේ උළු ඉවත්කොට නිරුවතින් නිවසට ඇතුළු වී නිවසේ සිටි තරුණියකට නිරුවත පෙන්වූ තිදරු පියකු (19දා) දහවල් අක්‌මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 මොහු පෙරේදා (19දා) අලුයම 1.30ට පමණ මෙම නිවසේ වහලයේ උළු ඉවත්කොට නිරුවතින් නිවසට ඇතුළු වී තිබේ. නිවසේ සිට ඇත්තේ මව හා දියණියන් දෙදෙනා පමණි. නිරුවතින් නිවසට ඇතුළු වූ තිදරු පියා නිදි යහනේ සිටි නිවෙස්‌ හිමි කාන්තාවගේ 18 හැවිරිදි වියේ පසුවූ දියණියකගේ කාමරයට නිරුවතින් ගොස්‌ ඇත. මේ සමග දියණිය කෑගසා ඇති අතර පසුව මෙකී පුද්ගලයා නිරුවතින්ම වහලයට නැඟ පැන ගොස්‌ ඇති බව පොලිසිය කියයි.
 
 මෙකී සිද්ධිය සම්බන්ධව ඇය තම මවත් සමග පොලිසියට පැමිණ පෙරේදා (19දා) දහවල් පැමිණිලි කරනු ලැබීය. ඒ අනුව තිදරු පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර මොහු අසල්වැසි අයකු බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී තිදරු පියා මීට පෙරත් නිවෙස්‌වල ඇති නානකාමරවලට එබිකම් කොට හසුවූ අයකු බවද පොලිසිය පවසයි. මොහු මානසික වෛද්‍යවරයකු වෙත යෙමු කිරීමට නියමිතව ඇති අතර අක්‌මීමන පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප නිශාන්ත ද සිල්වා මහතා විසින් සැකකාර තිදරු පියා තරුණියකට නිරුවත ප්‍රදර්ශනය කරමින් ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com