master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හදිස්‌සියේ ධනවත් වුණ බන්ධනාගාර නිලධාරීන්ගේ පැටිකිරිය සොයයි


2018-07-21 08:06:01 -  1191 යි

බන්ධනාගාරවල රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් කෙටි කාලයක්‌ තුළ ධනවතුන් බවට පත්වූ බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.
 
 මෙම විමර්ශනය සඳහා පොලිස්‌ දෙපාර්තමේන්තුව ද සහාය වන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.
 
 තමන් උපයන වැටුපට වඩා වැඩි ආදායම් ලබන බන්ධනාගාර නිලධාරීන්ට එම ආදායම් ලැබෙන්නේ කෙසේ දැයි සොයා බලන බව බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ කීය.
 
 වැලිකඩ බන්ධනාගාරයේ රඳවාගෙන සිටින විවිධ තරාතිරමේ ධනවත් රැඳවියන් සමග සබඳතා පවත්වාගෙන යන මෙම ඇතැම් නිලධාරීන් එම රැඳවියන්ට අවශ්‍ය සියලු පහසුකම් හොර රහසේ ලබාදීමට ක්‍රියා කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර නිලධාරියෙක්‌ කීවේය.
 
 දැනට රිමාන්ඩ් භාරයේ රඳවා සිටින අර්ජුන් ඇලෝසියස්‌ වැනි සැකකරුවන්ට ජංගම දුරකථන පහසුකම් ලබාදීමෙන් පවා ඇතැම් බන්ධනාගාර නිලධාරීන් විශාල ලෙස මුදල් උපයන බවට සැකපහළ වී ඇති බවද බන්ධනාගාර ප්‍රකාශකයා සඳහන් කළේය.
 
 බන්ධනාගාරයේ තිබී සොයාගනු ලැබූ සිම්කාඩ්වලින් සැකකරුවන් සබඳතා පැවැත්වූ බන්ධනාගාර නියාමකයන් පිළිබඳව තොරතුරු සොයා බලාගෙන යන බවද එම නිලධාරීයා පැවසීය.
 
 මෙවැනි බන්ධනාගාර නිලධාරීන් 15 කට ආසන්න පිරිසක්‌ බන්ධනාගාරයේ පසුවෙන බව සැක කරන අතර ඔවුන් හැර සෙසු නියාමකයන් සහ නිලධාරීන් සේවය අකුරටම ඉටු කරන බව බන්ධනාගාර නිලධාරියා සඳහන් කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com