master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජගිරියේ ගණිකා තිප්පළ වටලා කාන්තාවෝ පස්‌දෙනෙක්‌ අත්අඩංගුවට


2018-07-21 07:44:37 -  816 යි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
 ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් රාජගිරිය, කෝට්‌ටේ පාරේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ පෙරේදා (19 දා) පස්‌වරුවේ වැටලූ වැලිකඩ පොලිසිය ගණිකා වෘත්තියේ නියෑලුනු කතුන් සිවු දෙනකු සහ කළමනාකාරිණියක අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම ස්‌ථානය වටලනු ලැබූ බව පොලිසිය කියයි.
 
 මොවුන් අනුරාධපුරය, මැදිරිගිරිය, මිනුවන්ගැටේ, පොලොන්නරුව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත්, 40 ත් අතර වයසේ පසුවන්නියන් බව පොලිසිය කියයි. මොවුන් කොළඹ පෞද්ගලික ආයතනවල රැකියා කරන බව නිවෙස්‌වලට පවසා පැමිණ මෙම ගණිකා වෘත්තියේ නියෑළී ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.
 
 නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ වැලිකඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සුදත් අස්‌මඩල මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහූ කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com