master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇමැති පුත්තු මැති ඇමැතිල කැමති කැමති කෙල්ලො එක්ක වී.අයි.පී. රූම්වල


2018-07-20 18:17:11 -  1172 යි

කොළඹ නගරයේ සිදුවන රහසිගත මෙන්ම කුතුහලය දනවන ඉසව් කරා ගොස් එහි සජීවී අත්දැකීම පාඨකයන් වෙත ගෙන එන අපගේ මාධ්‍යවේදියාගේ සජීවී අත්දැකීම විශේෂාංගය තුළින් රාත්‍රී සමාජ ශාලාවල පවත්වාගෙන යන මල් ඩාන්ස් පිළිබඳව සති 02ක් පුරා රැගෙන ආ අප, මෙවර ඔබ වෙත ගෙන එන්නේ නයිට් ක්ලබ් ඇතුළේ සැඟවුණු රහස් කතාන්දරයයි

මල් ඩාන්ස් පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීමේ අරමුණින් මා පැමිණි රාත්‍රී සමාජ ශාලාවට සමුදී නයිට් ක්ලබ් ඇතුළේ සැඟවුණු රහස් කතා සොයා කොළඹ නගරයේ තිබෙන අනෙකුත් රාත්‍රී සමාජ ශාලා වෙත පිය නැගුවෙමි.

කොළඹ නගරය පුරා රාත්‍රී කාලයේදී ඔබ ඇවිද ගියහොත් විවිධ ආකාරයෙන් විනෝද වියහැකි රාත්‍රී සමාජ ශාලා 25කට අධික ප්‍රමාණයක් තිබෙන බව සියැසින්ම ඔබට දැකගත හැකි වනු ඇත. එම නයිට් ක්ලබ් අතරින් බොහෝ ප්‍රමාණයක් කොල්ලුපිටිය, බම්බලපිටිය ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ගාලු පාර ආසන්නයට වන්නට තිබෙනු පෙනේ.

මෙම නයිට් ක්ලබ් වෙතට පැමිණෙන අය සැබැවින්ම කරනුයේ කමින් බොමින් විනෝද වීම පමණද? නැත. නයිට් ක්ලබ් ඇතුළේ සැඟවුණු රහස් කතා බොහෝමයක් තිබේ.

මෙම සජීවී අත්දැකීමට විඳීමට මා තනිවම නොගිය අතර, ඒ සඳහා මාගේ මිතුරකු මෙන්ම ව්‍යාපාරිකයකුද වන රොෂාන්ද හවුල් කරගතිමි. මිතුරාත් සමග මා ඔහුගේ මෝටර් රථයෙන් කොල්ලුපිටිය සිට බම්බලපිටිය දෙසට පැමිණ මුහුදු මාවත ආසන්නයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වෙත පිය නැගුවෙමු.

එන්න සර්. ටික දවසකින් නේද මේ පැත්තේ ආවේ? අද නම් සර් කෙල්ලෝ සේරම වගේ ඉන්නවා. ඇතුළට ගිහින් බලන්නකෝ.

අපව පිළිගත් රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයන් හෙවත් බවුන්සර්ලා අප වෙත රුපියල් 1000 බැගින් වූ ප්‍රවේශපත්‍ර 02ක්ද ලබා දුන්නේය.

රාත්‍රී සමාජ ශාලාව තුළ පැවැතියේ අඩ අඳුරකි. ඇතුළත සිටි පිරිස කමින්, බොමින් කෙල්ලන් හා විනෝද වෙමින් සිටියහ. තවත් කෙල්ලන් කිහිප දෙනකු තම කස්ටර්මස්ලා පැමිණෙන තුරු දෑස් අයා බලා සිටිනු දක්නට ලැබිණි. එහි කෙළවරක වූ අසුනක අප ඉඳගත් සැණින්ම වේටර්වරයකු අප වෙත පැමිණියේය.

මොනවද සර් ඕනෑ?
අපිට රූම් එකක් දාගන්න ඕනෑ මම පැවසුවෙමි.
ඉන්න සර්. මම අපේ මැනේජර්ට එන්න කියන්නම්.

ඉන් අනතුරුව ටයි පටි පැලඳ සිටි හැඩිදැඩි පුද්ගලයකු අප වෙත පැමිණියේය. ඒ පැමිණියේ නයිට් ක්ලබ් එකේ මැනේජර් විය යුතු යැයි මම අනුමාන කළෙමි.

රූම් එකක් ඕනෑ කිව්වේ සර්ලට නේද?
ඔව්.

සර්ලා ගන්නේ මොන පැකේජ් එකද?
ඒ කිව්වේ?

රුපියල් 20,000 ඉඳන් රුපියල් 80,000 වෙනකම් පැකේජ් තියෙන රූම් අපේ ක්ලබ් එකේ තියෙනවා සර්. සර්ලාගේ ගාණ කිව්වොත් ඒ පැකේජ් එකට හම්බ වෙන්නේ මොනවද කියලා කියන්න පුළුවන්.
මා ඒ පිළිබඳව මගේ මිතුරු රොෂාන් සමග කතාබහක නියැළී අවසන් නිගමනයකට එළැඹුණෙමි.
අපිට දෙන්න රුපියල් 40,000 පැකේජ් එකක්.

හොඳයි සර්.

ඒකට මොනවද හම්බ වෙන්නේ?
වොඩ්කා බෝතලයයි, වයින් බෝතලයයි, රෙඩ්බුල් 04යි, ඔරේන්ජ් ජූස් එකයි, පලතුරු ප්‍ලේට් එකයි, කජු ප්‍ලේට් එකයි, කෙල්ලො දෙන්නයි, පැය 1 1 /2යි මැනේජර් එක හුස්මට කියාගෙන ගියේය.
මාත්, මිතුරාත් රූම් එකට යෑමට අසුනින් නැගිටිනවාත් සමගම අපව යළි ඇමතූ මැනේජර්

සර්ලා කැමැති කෙල්ලො දෙන්නෙක් සිලෙක් කරගන්න. පැකේජ් එකට අමතරව තව මොනවා හරි ඕඩර් කළොත් එක්ස්ට්‍රා ටයිම් එකක් දෙන්න පුළුවන්.

නයිට් ක්ලබ් එක ඇතුළේ සිටි සුරූපීම කෙල්ලො දෙන්නා තෝරාගත් අපි රූම් එක තුළට පිවිසුනෙමු. අඩ අඳුරැති එම කාමරය තුළ දිස්වූයේ ඇඳක් මෙන් වුව සකස් කරගත හැකි ඉතා සුවපහසු සෝෆා කට්ටලයක්, විශාල රූපවාහිනී යන්ත්‍රයක්, ඩී.ජේ. සංගීතය සැපයිය හැකි දැවැන්ත බෆල් යන්ත්‍ර 02ක් සහ මේසයක් පමණි.

ඉතා දුහුල් කෙටි ඇඳුමකින් සැරසී සිටි තරුණියන් දෙදෙනා අප දෙදෙනා සමීපයේ හිඳ ගත්තේය. මා අසල ඉඳගත් ළාබාල සුරූපී තරුණිය..
සර්, මම ටානියා.
මෙයා නටාෂා යනුවෙන් හඳුන්වා දුන්නාය.

අප සමග සිටි කෙල්ලන් විසින් කතාබස් ඇරඹූ ආකාරයෙන්ම එම කෙල්ලන් හොඳ පළපුරුදුකාරියන් බව මට සිතිණි.

ඇයි සර්ලා බයවෙලා වගේ?

මගේ මිතුරා අසල සිටි නටාෂා නමින් හඳුන්වා දුන් තරුණිය විමසා සිටියාය.

මුකුත් අවුලක් නැහැ මම පැවසීමි.

බය වෙන්න එපා සර්. අද අපි සර්ලට හොඳ ෆන් එකක් දෙනවා යැයි පැවසූ ටානියා රූපවාහිනී තිරය මත කැරොකී ගීත අඩංගු වීඩියෝ පටියක් දමා එහි හඬ උපරිමයෙන් වැඩි කළාය.

ඉන් නොනැවතුණු ටානියා, ඇයගේ මිතුරිය වන නටාෂාද කැටුව අප දෙදෙනා ඉදිරිපිට සරාගී නර්තනයක් ඉදිරිපත් කළාය. මා සිටින්නේ ලංකාවේදැයි එකවරක මට සිතිණි.

කාමරයේ වායුසමීකරණවල තිබූ අධික සීතල මධ්‍යයේ මා සහ මිතුරා මන්දගාමීව කමින්, බොමින් සිටියද අප සමග සිටි කෙල්ලන්ට නම් රෙඩ් වයින් බෝතලය හිස් කිරීමට ගත වූයේ ස්වල්ප වේලාවක් බව කිව යුතුය.

නයිට් ක්ලබ් තුළ පිහිටි රූම් තුළ කමින් බොමින් සුරූපී කෙල්ලන් සමග රිසි සේ විනෝද වන අයුරු බාහිර පුද්ගලයන්ට නිරාවරණය නොවන හෙයින් මේවාට නිරන්තරයෙන් දේශපාලනඥයන්, ‍පොලිසියේ ලොක්කන්, විවිධ ඉහළ තනතුරු දරන බොහෝ පිරිසක් පැමිණෙන බව මා හට දැන ගන්නට ලැබුණි.

සමාජයේ සැඟවුණු චරිත බොහොමයක් රාත්‍රී කාලය ඇතැම් විට ගත කරන්නේ නයිට් ක්ලබ්වල රූම් තුළ බව කිව හැකිය. මෙම නයිට් ක්ලබ් එක වෙත පැමිණ ඉහළම පැකේජය සහිත රූම් එක වෙන්කර ගන්නා එක්තරා ඇමැතිවරයකු එකවර කෙල්ලන් තිදෙනකුගේ පහස විඳින බව අප ගිය ගමනේදී අනාවරණය විය.

නයිට් ක්ලබ්වල රූම්වල සේවය කරන බොහෝ සුරූපී මෙන්ම සරාගී කෙල්ලන් තමන්ගේ ඕනෑම දෙයක් සිය කැමැත්තෙන්ම කස්ටර්මස්ලාට පිරිනමන්නේ රූම් පැකේජයෙන් ලැබෙන කොමිස් මුද‍ලේ වටිනාකම හොඳින් දන්නා නිසාය

නයිට් ක්ලබ් කෙල්ලන් ගහන ගේම් ලබන සතියේ

ඉෂාර රත්නකාර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com