master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අද්භූත බලවේගයක්‌ ඇවිත් යාපනේ ගෙයක්‌ කුඩු පට්‌ටම් කරලා


2018-07-20 07:38:57 -  484 යි

යාපනය අච්චුවේලි පොලිසියේ නිලධාරීන් හා එම පොලිස්‌ වසමේ එක්‌ නිවසක පිරිසක්‌ අතර 19දා විසදාගත නොහැකි මතභේදකාරී තත්ත්වයක්‌ හටගෙන තිබේ. 
 
 යාපනය අච්චුවේලි ප්‍රදේශයේ එක්‌ නිවසකට රාත්‍රි 10.30 ට පමණ පැමිණි කිසිවකු විසින් හෝ කණ්‌ඩායමක්‌ විසින් ඒ නිවසේ බඩු බාහිරාදිය කුඩුපට්‌ටම් කොට යතුරුපැදියකට ද අලාභ හානි කොට තිබේ. 
 
 මේ පිළිබඳව උදැසන පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි නිවසේ උදවිය කියා සිටින්නේ කිසියම් අද්භූත බලවේගයක්‌ විසින් මිස සාමාන්‍ය මනුෂ්‍යයකුට මෙවැනි විනාශයක්‌ කළ නොහැකි බවයි. 
 
 තවමත් එම අමනුෂ්‍ය බලවේගය නිවසේ සිටින බව විශ්වාස බැවින් නිවෙස්‌ හිමියන් නිවසට යැමට බියක්‌ දක්‌වයි.
 
 අච්චුවේලි පොලිසියේ නිලධාරීන් නිවෙස්‌ හිමියන්ට පවසා ඇත්තේ එවැනි අද්භූත බලවේගයන් නොමැති නිසා නිවසට පැමිණි පිරිස සොයා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට නිවසට යන ලෙසයි. 
 
 රාත්‍රියේ ඇතිවූ මේ සිද්ධියෙන් පසුව නිවසේ උදවිය නිවසින් පිටව ගොස්‌ පහන් වන තුරු කාලය ගතකොට ඇත්තේ ඊට දුරින් පිහිටි හිතවතෙකුගේ නිවසේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com