master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සමයංගේ බිරිඳ මරන්න ඉව ඇල්ලූ මදූෂ්ගේ වෙඩික්කරු මාට්ටු උන හැටි.


2018-07-19 11:14:24 -  2099 යි

මාකඳුරේ මධූශ්ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වූ ජෝසෆ් කුමාර හෙවත් ජෝශා නමැත්තා ඇතුළු සැක්කරුවන් 4දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු හිටපු යුධ හමුදා සෙබළෙකු වන අතර පානදුර හා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කිහිපයක් ද පවතී.

පාතාල නායකයෙකු වන සමයංගේ බිරිඳ යැයි සිතා ගැබිනි මාතාවකට 2016 වසරේදී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජෝශා නමැත්තා රක්ෂිත බන්ධනාගාරගතව මීට මාස එක හමාරකට පමණ පෙර ඇප මත නිදහස් වී තිබේ.

කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම කර ඇත.

එහිදී සැක්කරුවන් සන්තකයේ තිබූ අවි ආයුධ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ගයාන් කුමාර වීරසිංහ


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com