master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන තවත් තොරතුරු හෙළිවෙයි


2018-07-19 10:53:12 -  1447 යි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් නිදහස් කර ගැනීමට ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද මැදිහත් වී ඇතැයි කළ අනාවරණය සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

some_text
some_text
some_text
some_text

ඉහත ඡායාරූපවල දැක්වෙනඉසුරු අත්තනායක හෙවත් වරුණ නැමැති මොහු පෑලියගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කළ නිලධාරියෙකු වූ අතර මොහු රාජකාරි කරන අතරතුර ප්‍රධානපෙලේ පාතාල සාමාජිකයින් වන පෑලියගොඩ ගිහාන් ශාමිල් සඳරුවන් සහ බැරල් සංඛ යන සාමාජිකයින් දෙදෙනා සමග සමීප සම්බන්ධතා පවත්වාඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

some_text

ඉහත ඡායාරූපයේ සිටින්නේමංජුල චමින්ද ඇල්වෙල නොහොත් මල්වත්ත මංජු. පාතාල ක්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් කටයුතු සිදු කරගෙන යනු ලබන පුද්ගලයෙකු වන අතර අනවසර ගිනිඅවි 03ක් සන්තකයේ තබාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා. මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්මෙම පුද්ගලයාට විරුද්ධව නඩු රැසක් ඇති බවද සඳහන්.

some_text
some_text

ඉහත ඡායාරූපවල සිටින්නේනිරෝෂන් නයනජිත් ඒකනායක නැමැත්තායි. පෑලියගොඩ අවට ප්‍රදේශවල මත්කුඩු සහ මත්පෙති ජාවාරමේ නිරතව සිටින පුද්ගලයෙකු බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඔහු පෑලියගොඩ නගරසභා මැතිවරණය සඳහා ලියාපදිංචි වී සිට ඇති බවත් විෂයානැමැති අපරාධකරුට සහය දක්වන නිහාල් ආනන්ද නොහොත් කනේ මයිලා ඔහුගේ මාමා කෙනෙකුද වනවා. දෙමටගොඩ චමින්ද විෂයාගේ ඥාතියෙකු බවත් අනාවරණය වෙනවා.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com