ඉන්ධන මිල ඉහළ යාම වාසියක් කොටගනිමින් දිවයින පුරා බොහෝ ප‍්‍රදේශවල ඇතැම් ත‍්‍රිරෝද රථ රියැදුරන් අසාධාරණ ලෙස මුදල් අයකරන බව ජනතාව මැසිවිලි නඟති.
මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනා පවසනුයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් දහයකින් පමන ඉහල යනවිට ඇතැම් ත‍්‍රිරෝද රථ රියැදුරන් කිලෝමීටරයක් දුරයාමට රුපියල් දහයකට වඩා වැඩි මුදලකින් ඉහළ දමන බවයි.
මීටර් ති‍්‍රරෝද රථ රුපියල් 60 සහ ඊට වැඩි මුදලකින් ආරම්භ කිරීමට ද කටයුතු කරයි.
මීටර් නොමැති ති‍්‍රරෝද රථ අත්තනෝමතික ලෙස අවස්ථානුකූලව මිල ගණන් කියන බව ද ජනතාව චෝදනා කරයි.
මෙසේ අසාධාරණ ලෙස මුදල් අයකරනු ලබන ත‍්‍රිරෝද රථ රියදුරන් සමග බහින් බස්විමටද තමන්ට සිදුවන බවද ඔවුහු වැඩි දුරටත් පෙන්වාදෙති.
මේ පිළිබදව අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයකු වන කේෂව මුර්තී මහතා පවසන ලද්දේ කිලෝමිටර් දෙකකටත් අඩුවෙන් දුරක් පවතින හැටන් බස් නැවතුම්පලේ සිට හැටන් ඩන්බාර් ප‍්‍රදේශයට යාම සදහා සමහර ති‍්‍රරෝද රථ හිමියන් රුපියල් 200ක් අය කරන බවත්ය.
මේ පිළිබදව නගරසභා රැුස්විමේදී ද තමන් පැවසු බවත් මන්ත‍්‍රීවරයා පැවැසීය.
එමෙන්ම හැටන් දික්ඔය නගර සභා බල ප‍්‍රදේශය තුල ධාවනය කරනු ලබන ති‍්‍රරෝද රථ සදහා මීටර් සකිරිමට අවශ්‍ය නීති ගෙනඒමට තමන් ඉදිරියේදි යෝජනාවක් ගෙන එන බවත්ය.
එස්. එම්. මනුර හැටන්