master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විවාහක පාසල් ගුරුවරියට හය වසරේ සිසුවා සමග ප්‍රේම සම්බන්ධයක් - මෝටර් රථයේ සිට ලිංගිකව එක්වෙද්දි මාට්ටු


2018-07-17 11:49:33 -  1684 යි

විවාහක පාසල් ගුරුවරියක් විසින් වයස අවුරුදු 13ක පාසල් සිසුවෙකු සමග ප්‍රේම සබදතාවයක් පැවැත්වූ පුවතක් වාර්තා වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ පාසලක ගුරුවරියක් විසින් බාලවයස්කාර සිසුවා සමග මෙලෙසින් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබේ.

බ්‍රිට්නි සමෝරා නැමැති විවාහක පාසල් ගුරුවරියක් හය ශ්‍රේණීයේ ඉගෙනුම ලබන තමන්ගේම සිසුවෙකු සමග මේ සම්බන්ධය පවත්වා ගෙන ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වට්ස්ඇප් පණිවිඩ යෙදුම හරහා සිසුවාට තමන්ගේ නිරුවත් පින්තූර යවා මෙම ගුරුවරිය විසින් එම සිසුවා පොළඹවාගෙන තිබෙන බව සදහන්.

පාසල අවසන් වූ පසු එම ගුරුවරිය විසින් මෙම සිසුවා සිය මෝටර් රථයට නංවාගෙන ඔහු සමග ලිංගිකව හැසිරී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිසුවාගේ දෙමව්පියන් විසින් ඔහුගේ දුරකථනයේ පණිවිඩ ලබා ගැනීමට ස්ථාපිත කළ රහසිගත යෙදවුමක් විසින් එම ගුරුවරිය සහ සිසුවා අතර පණිවිඩ දැක මෙම සම්බන්ධය පිළිබදව පොලීසියට පැමිණිලි කර තිබේ.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com