master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මෝටර් රථයක පෙම් සුව විඳිමින් සිටි ලොකු ලොක්කෙකුට තර්ජනය කර කප්පම් ඉල්ලා පෙම්වතියටත් හදි කරන්න හැදූ පොලීසියේ දෙදෙනෙක් නාරාහේන්පිටදී අත්අඩංගුවට..


2018-07-13 15:58:23 -  2199 යි

නාරාහේන්පිට පෞද්ගිලක රෝහලක රථ ගාලක් තුළදී පෙම්වතුන් යුවළකට තර්ජනය කර කප්පම් ලබාගෙන පෙම්වතිය ස්පර්ශ කළ බව කියන සිද්ධියක් සමබන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (12)  දින නාරාහේනපිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොලීසියේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි.

පෙරේදා (11) රාත්‍රියේ නාරාහේන්පිට පෞද්ගිලක රෝහලක රථ ගාලක් තුළ එහි සේවය කරන උසස් නිළධාරියෙකු සිය පෙම්වතිය සමග පෙම් සුව විඳිමන් සිට ඇත.

ඒ අවස්ථාවේ ඒ අසළින් ගිය පොලිස් කොස්තාපල්වරු දෙදෙනක් මේ බව දැක එම එම යුවළ ළඟට ගොස් ප්‍රසිද්ධ ස්ථානයක අශෝභනව හැසිරීම වරදක් බව පවසා බියගන්වා ඇත

පසුව ඒ සඳහා නඩු නොදැමීමට නම් රුපියල් 5000ක් ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.ඒ අනුව එම පෙම්වතා රථගාලට නුදුරින් තිබූ ඒ ටී එම් යන්ත්‍රණයක් වෙත මුදල් ලබාගැනිමට ගොස් ඇත.

ඒ අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඇයව ස්පර්ෂ කර තිබේ.පෙම්වතා පැමිණ පොලීසියට මුදල් ලබා දීමෙන් පසුව පිටත්ව ගොස් ඇති අතර එහිදී පෙම්වතිය පෙම්වතාට පවසා ඇත්තේ ඔවුන් තමන්ව ස්පර්ශ කළ බවය.

එම ප්‍රකාශයත් සමග පෙම්වතා පෙම්වතියද කැටුව නාරාහෙන්පිට පොලිස් ස්ථානයට ගොස් ඒ සමබන්ධව පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ලට අදාලව ඊයේ (12) දින පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්ඩඅගුවවට ගෙන ඇති අතර ඔවුන් අද (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com