www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජගිරියේ ගණිකා නිවසක්‌ වටලා කළමනාකාරිනිය ඇතුළු කතුන් 7 ක්‌ අල්ලයි


2018-07-13 08:15:57 -  1782 යි

ලසිත දුමින්ද
 
 ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වැටලූ පොලිසිය එහි කළමනාකාරිනිය ඇතුළු කාන්තාවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
 
 පොලිසියට ලද තොරතුරකට අනුව 10 වැනිදා මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 31, 34, 37, 39, 40, 55 යන වයස්‌වල පසුවන්නන් බව ද පොලිසිය පවසයි.
 
 මොවුන් බෙලිඅත්ත, ගම්පහ, මිනුවන්ගොඩ, බොරැල්ල, අම්බලන්තොට, වැල්ලම්පිටිය හා සීදුව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව ද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් අලුත්කඩේ අංක 4 මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
 
 වැලිකඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com