www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අක්කාගේ හා මල්ලීගේ දියනියන් ගැබිණියන් කර මල්ලීගේ බිරිද සමග පවුල් කන සල්ලාලයා


2018-07-12 11:38:15 -  2332 යි

පිටිගල, මත්තක ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් වන අක්කාගේ දියණිය හා මල්ලීගේ දියණිය දූෂණය කර එයින් එක් දැරියක් ගැබිනියක් කළ දැරියන්ට මාමා සහ බාප්පා වන අයව ජූලි මස 19 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා පෙරේදා (10දා) නියෝග කළේය. දැරියන් දෙදෙනාට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එල්.කේ.සී.ඩී. ආරියරත්න මහතාට සිතාසි නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී කටයුතු කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත යැවීම සඳහා 2018 ජූලි 26 වැනි දින උද්ධෘත ගොනු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පිටිගල පොලිසියට දැනුම් දුන්නේය.

බාල වයස්කාර දැරියන් දෙදෙනා පරිවාස භාරයට පත් කොට තවදුරටත් ළමා නිවාසයේ රැඳවීමටත් සැකකරු සම්බන්ධයෙන් කැඳවන ලද සමාජ රෝග පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ පන්සල අසල, මනංගල, මත්තක ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරුගේ සහෝදරිය විසින් පිටිගල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ පිටිගල පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂිකා නිල්මිණි සහ කාන්තා පොලිස් සැරයන් චන්ද්‍රිකා යන මහත්මීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණයට ලක්ව ඇති දැරියන් දෙදෙනාම 13 වැනි වියේ පසුවන අතර ඔවුන් පිටිගල ප්‍රදේශයේ විදුහලක අධ්‍යාපනය ලබන බව පිටිගල පොලිසිය කියයි. උදරයේ ඇති වූ අසනීප තත්ත්වයක් මත සැකකරුගේ වැඩිමහල් සහෝදරියගේ දියණිය මීට සතියකට පමණ පෙර ප්‍රතිකාර සඳහා නියාගම ප්‍රදේශයේ රජයේ රෝහලකට යොමුකර ඇත. එහිදී දැරිය ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර එහිදී දැරිය මාස 2 1/2ක ගැබිනියක් බවට තහවුරු වී ඇත. පසුව දැරියගේ මව විසින් මේ සම්බන්ධයෙන් පිටිගල පොලිසියට පැමිණිලි කර තිබේ.

සැකකරු මේ වන විට පවුල් ජීවිතය ගෙන යන්නේ සිය බාල සහෝදරයාගේ බිරිය සමඟ බවත් බාල සහෝදරයා බිරිය අතහැර වෙනම ජීවත් වන බවත් පිටිගල පොලිසිය කියයි. බාල සහෝදරයාටද බාල වයස්කාර දියණියක් සිටින බැවින් පොලිසිය ඒ සම්බන්ධයෙන් සැක සිතා කරන ලද පරීක්ෂණවලදී එම දැරියද සැකකරු විසින් දූෂණය කර තිබෙන බව තහවුරු වී තිබේ.

සැකකරුගේ සහෝදරියගේ නිවෙස ඔහුගේ නිවෙසට යාබදව පිහිටා තිබෙන බවත් සැකකරුගේ සහෝදරයාගේ බිරිය හා දියණිය සැකකරු සමඟ එකම නිවෙසේ ජීවත් වන බවත් පිටිගල පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දැරියන් දෙදෙනාටම එකිනෙකාට හොර රහසේ මරන බවට තර්ජනය කර කාලයක් තිස්සේම දූෂණය කර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

පිටිගල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් සුනිල් (24091) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com